in ,

[VIDEO] – Virat Kohli & Rohit Sharma takes blessings from 87 year old Granny

Virat Kohli & Rohit Sharma takes blessings from 87 year old Granny
Gossip Lanka – 

මැච් එක බලන්න ආපු 87 ආච්චි 
විරාත් කෝලිට හාදු දුන්නු හැටි 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඊයේ(ජූලි 2) බංගලාදේශය පරාජ කරමින්
ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසුණා.එයත් සමගම සිදුවූ විශේෂ සිදුවීමක් ගැන කාගෙත් අවධානයට ලක්වුණා.ඒ විරාත් කෝලිට විශේෂ කෙනෙකු මුණ ගැසුණු නිසයි.ඇය 87 හැවිරිදි ආච්චි කෙනෙක්.ඉන්දියාවේ ඉපදුනු ඇය මේ වන විට ජීවත්වන්නේ එංගලන්තයේයි.ඇය පැමිණ සිටියේ තරඟය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට දිරි දෙන්නයි.ඇයගේ නම චාරුලතා පටෙල්.
මිණිබිරියත් එක්ක ඇය තරඟය නරඹන්න පැමිණ සිටියේ රෝද පුටුවෙන්.

විරාත් කෝලි ප්‍රේක්ෂකාගාරයට පැමිණෙන මොහොතේ ඇයගෙන් ලැබුණු ප්‍රතිචාරය සෑම දෙනාගේම අවධානයට පත්වුණා.

චාරුලතා මාධ්‍යට මෙසේ ප්‍රකාශ කර තිබුණා.

“මම කුඩා කල ඉදන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම ප්‍රියයි. මගේ ළමයි අවසන් පූර්ව තරගයට යනවා මම බලන් හිටියේ හරිම ආසාවෙන්. ඔබ දන්නවද? මේ ලමයි ගහන හැම ලකුණක්ම මම ගෙදර පොතක සටහන් කරනවා. ඕනේ නම් මම ඔවුන්ගේ ඉනිමෙන් ඉනිම ලකුණු ලබාගත් හැටි කියන්නම්. ඒක මගේ විනෝදාංශයක්.”
 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Nittambuwa Gold Buddha Statue Distorted

Many Squatting Pans and One Bathroom