මෙවර ජනපති අපේක්ෂක,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබේ.
කෙසේ වෙතත් අදාල චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුළත පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට පවතින බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසයි.
එලෙස පිළිතුරු ලබාදීමක් සිදු නොකරන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් තොරව නඩු විභාගය සිදු කෙරෙනු ඇත.
කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.
1

2

3

4

5

Source – AdaDerana
Discussion about this post