Thursday, April 15, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

සනී ලියොන් ෆිල්ම් එකක කියන නම්බරේ කොල්ලෙක්ගෙ ඇත්ත එකක්ලු ;දැන් ඒකට කෝල් එනවලු

August 2, 2019
0
sunny leone
1
SHARES
100
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

බොලිවුඩ් සිනමා පටයක් හරහා අහම්බෙන් ප්‍රසිද්ධ වූ ජංගම දුරකතන අංකයක හිමිකරුවෙකුට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ගලා ඒම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

තවත් බැලිය යුතු ඒවා ...

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
191

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
685

‘අර්ජුන් පටියාලා’ නමැති එම සිනමා පටයේ එක් රූප රාමුවක සනී ලියොන් නමැති නිළිය සිය චරිතයට අනුකූලව සිය දුරකතන අංකය ලෙස පවසන අංකයේ සැබෑ හිමිකරුවෙකු සිටින අතර ඔහු 26 හැවිරිදි පුනීත් අගර්වාල් නමැත්තෙකි.

Sunny Leone says sorry to Delhi man for phone number in Arjun Patiala 2

පුනීත් අගර්වාල් පවසන්නේ සිනමා පටය තිරගත වීම ආරම්භ වූ ජූලි 26 වන දා සිට දිනකට දුරකතන ඇමතුම් 100කට අධික සංඛ්‍යාවක් තමන්ට ලැබෙන බවය.

“මට හරියට නිදාගන්නවත් විදිහක් නෑ. පාන්දර 4 වෙනකම් ෆෝන් එක රිං වෙනවා,” ඔහු පැවසීය.

ඔහු ලැබෙන දුරකතන ඇමතුම් නිසා ඔහු කෙතරම් අපහසුතාවට පත්ව සිටිනවා ද කිවහොත් අදාළ සිනමා පටයෙන් දුරකතන අංකය ඉවත් කරවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔහු පියවර ගනිමින් සිටී.

සනී ලියොන් බොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර ඇමෙරිකානු අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නිළියක ලෙස කටයුතු කළාය. ඇය රාගික චිත්‍රපට සහ වැඩිහිටියන්ට පමණක් වෙන්වූ උපහාසාත්මක චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර මේ වන විට ඇයගේ ප්‍රතිරූපය රාගික සංකේතයක් බවට පත්ව තිබේ.

එහෙයින්, සිනමා පටයේ කියැවෙන දුරකතන අංකය ඇයගේ සැබෑ දුරකතන අංකය බව සිතා ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා ජනතාවගේ දුරකතන ඇමතුම් එම අංකයට ගලා ඒම පුදුමයට කරුණක් නොවනු ඇත.

පුනීත් අගර්වාල් ඉන් වෙහෙසට පත්ව සිටී. “චිත්‍රපටය හදපු අයට තිබුණා ඒ නම්බර් එකට කෝල් කරලා එහෙම නම්බර් එකක් තියෙනවා ද කියලා හොයලා බලන්න,”

අර්ජුන් පටියාලා චිත්‍රපටයේ අධ්‍යක්ෂ රෝහිත් ජග්රාග් චවුහාන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේය.කෙසේ නමුත් සනී ලියොන් මේ සම්බන්ධයෙන් සමාව ගෙන ඇත.

චිත්‍රපටය තිරගත වූ මුල් සතියේදී පුනීත් අගර්වාල්ට නිදහසේ වැඩ කිරීමට, නිදා ගැනීමට හෝ ආහාර ගැනීමට පවා හැකියාවක් ලැබී නැත.

වසර ගණනාවක් භාවිත කළ සිය දුරකතන අංකය ඉවත දමා වෙනත් අංකයක් භාවිත කිරීම විකල්පයක් නොවන බව ඔහු පැවසීය. “මගේ ව්‍යාපාරික කටයුතුවලට මේ දුරකතන අංකය අවශ්‍යයි. ඒ වගේ ම ගොඩක් පැරණි මිතුරන් ළඟ තියෙන්නේ මේ අංකය.”

arjun patiala sinhala

ඔහුට ඒ සම්බන්ධයෙන් පළමු දුරකතන ඇමතුම ලැබී ඇත්තේ, චිත්‍රපටය එළිදැක්වූ දිනයේදී මය. එහිදී ඇමතුම දුන් පුද්ගලයා සනී ලියොන්ට කතා කිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර එය වැරදි දුරකතන අංකයක් බව අගර්වාල් පැවසුව ද ඔහු එය පිළිගෙන නැත. පසුව කෝපයට පත්ව ඇති අගර්වාල් දුරකතන ඇමතුම විසන්ධි කර තිබිණි.

“මුලින් ම මට කෝල්ස් එනකොට මම හිතුවෙ කවුරුහරි මට විහිළු කරනවා කියලා. මම හිතුවෙ ඒක මගේ යාළුවෙකුගේ වැඩක් කියලා.”

එහෙත්, දුරකතන ඇමතුම් ගලා ඒම නැවතුණේ නැත. සෑම ඇමතුමකින් ම ඇසුණේ එක ම ප්‍රශ්නයකි. “මට සනී ලියොන්ට කතා කරන්න පුළුවන් ද?”

එම දුරකතන ඇමතුම් දුන් පුද්ගලයින් චිත්‍රපටයේ විස්තර පැවසීමත් සමග සිදුවී ඇති දෙය වටහා ගැනීමට පසුව ඔහුට හැකි විය. “ඒ නිසා මම චිත්‍රපටය බැලුවා. ඇත්තට ම මගේ දුරකතන අංකය ඒකේ තිබුණා. මේක කෝල් කරපු අයගෙ වරදක් නෙවේ. ඒගොල්ලෝ (චිත්‍රපටයේ නිෂ්පාදකයින්) ඇත්තට ම පාවිච්චි කරලා තිබුණේ මගේ අංකය!” පුනීත් අගර්වාල් පැවසීය.

ඔහු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ ද ඇමතුම් ලබා දුන් පුද්ගලයින් සාපරාධී වරදක් කර නොමැති හෙයින එය ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතන ලෙස ඔහුට පොලිසියෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව, අදාළ චිත්‍රපටයෙන් සිය දුරකතන අංකය ඉවත් කරන ලෙස ඉල්ලා අගර්වාල් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

නිෂ්පාදකයින්ට එරෙහිව දඬුවම් ලබා දීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. එහෙත්, ඔහු පවසන්නේ, ඉන්ටර්නෙට් වැනි මාධ්‍යවල මෙම චිත්‍රපටය සංසරණය වීමේදී සිය දුරකතන අංකය එහි නොතිබිය යුතු බවය. එමෙන් ම, මෙවැනි සිද්ධියක් වෙනත් කිසිවෙකුට සිදු වීමට ඉඩ නොතැබීම ද ඔහුගේ අරමුණකි.

“උදේ 8.30 වගේ වෙනකම් ෆෝන් එකට කෝල් එන්නෙ නෑ සාමාන්‍යයෙන්. 8.30න් පස්සේ තමයි කෝල්ස් එන්න පටන් ගන්නේ.”

ඉන්පසු, සෑම මිනිත්තු දෙක තුනකට වරක් ම ඔහුගේ දුරකතනය නාද වන අතර, ඔහුට කිසිදු කාර්යයක් කිරීමට මානසික ඒකාග්‍රතාවක් ඇති කර ගැනීමට ඔහුට නිදහසක් නොලැබේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන දිල්ජිත් දෝසාන්ජ් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල අතිශය ජනප්‍රිය වී සිටින අයෙකු වන අතර පුනීත් අගර්වාල්ගේ දුරකතනයට වැඩි ම ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන්නේ ද එම ප්‍රාන්තවලිනි. කෙසේ වෙතත්, ඉතාලිය, ඩුබායි, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාවෙන් ද අගර්වාල්ට දුරකතන ඇමතුම් ලැබී තිබේ.

මේ දක්වා ලැබුණු ඇමතුම් අනුව, ඇමතුම්කරුවන් දෙදෙනෙකු හැර අන් සියල්ලෝ ම පිරිමි පුද්ගලයෝ වෙති.

මෙම දුරකතන ඇමතුම් හරහා තමන් වාචික අපයෝජනයන්ට ලක් වන බව ද අගර්වාල් පවසයි. “කෝල් එක පටන් ගන්නේ ගොඩක් කාරුණික විදිහට. ඒත් මම සනී ලියොන්ව දන්නෙ නෑ කිව්ව ම ඔවුන් මට බනිනවා. තර්ජනය කරනවා.”

ඔහු පැවසුවේ, මෙම සිද්ධිය නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය. මිතුරන් සහ අසල්වාසීන් තමන්ට “දිල්ලියේ සනී ලියොන්” යනුවෙන් අමතන බවත් තමන් දුටු විට සනී ලියොන් පෙනී සිටින ගීත ගායනා කරන බවත් ඔහු සඳහන් කළේය.

“ඒක දැන් විහිළුවක් බවට පත් වෙලා තියෙන්නෙ. ඒත් ඒ වගේ දෙයක් ආයෙත් වෙන්න දෙන්න බෑ. මම ඒ විහිළුවලට හිනා වෙලා ඉන්න උත්සහ කරනවා. ඒත් ඒක දැන් ඕනවට වැඩියි.”

තමන්ට ලැබෙන දුරකතන ඇමතුම් ඉදිරියේදී අඩු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙයි. ඒ අතර, ඔහුට ලැබෙන ඇමතුම් කෙටි කර ගැනීමට අපූරු විසඳුමක් සොයාගෙන තිබේ. “මම දැන් කෝල් කරන අයට කියන්නේ, එයා නාන්න ගියා, දැන් කතා කරන්න බැහැ කියලා.”
එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහලින්


– BBC Sinhala

Related Posts

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
0
191

...

Read more

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
685
victor-rathnayake

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
426
burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
146
kalapola

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
78
ranjan-piumi-wedding

Ranjan Ramanayake + Piumi Hansamali Photo Shoot

December 22, 2020
219

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
463

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
69

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

teacher sex
18 Plus

45 ගුරුවරිය පුතාගෙ වයසෙ ළමයෙකුට ලිංගික අතවර කරලා

October 9, 2019
0
162

Read more
18 Plus

? හිරුණිකා + රංජන් 3 වෙනි හඬපටය මෙන්න ; අසභ්‍ය කතා කෝටියයි ??‍♀️?‍♂️?

January 18, 2020
72
18 Plus

කොරෝනා පරදන්න නිවසේ රැඳෙන ඔබව දිරිමත් කරන්න Porn Hub Premium ලෝකෙටම නොමිලේ දීලා

March 26, 2020
294
shanudrie dinakshi dance
18 Plus

ශනුද්‍රි සහ දින්ක්ෂි ගේ සරාගී නර්තනය [VIDEO]

April 5, 2018
259
child-abuse
18 Plus

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් වාර්තා වෙනවලු

November 30, 2020
55
mia-khalifa
18 Plus

හිජාබ් ඇඳලා රඟපාපු මියා කලීෆාගේ ජීවිත කතාව මෙන්න

August 11, 2019
291
Russian nurse coronavirus
18 Plus

රස්නෙ වැඩියි කියා යට ඇඳුමින් කොරෝනා සේවයේ යෙදුනු හෙදිය [Photos]

May 23, 2020
108
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
146

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • නර්මදා යාපා ගේ Pregnancy Photo Shoot එක [35 Photos]

    1 shares
    Share 1 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
191
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
685
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
426
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
146
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
91

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

Quarantine-item-list

නිරෝධායනයට යනකොට ගෙනි යන බඩු ලිස්ට් එක මෙන්න

October 27, 2020
63
donate hair ramani

පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය දන් දෙන්නේ මෙහෙමයි

June 28, 2019
235
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist