in ,

[Sinhala] – Vote Sajith To Defeat Sinhalese – M.A.Sumanthiran

sajith-premadasa-sumanthiran

සිංහලයා පරාජය කිරීමට
සජිත්ට ඡන්දය දෙන්න 
– එම්. ඒ. සුමන්තිරන්

සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පැවසුවේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බවයි.

එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය නමැති ව්‍යසනය නැවත වතාවක් පැමිණීමට නොදී අදාළ ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයන්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්විය යුතුව තිබෙනවා.

2005 වසරේ සිට පැවැති රාජපක්ෂ පාලනය යටතේ දෙමළ ජනතාව වෙනුවෙන් සිදු වූ කිසිදු යහපතක් නැහැ. දෙමළ ජනතාව ගැටලු රැසක පැටලවීමට රාජපක්ෂ පාලනය කටයුතු කළා.

දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාසයි. එහෙයින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙසට පත් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළ දෙමළ ජනතාව මෙවර ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමට කටයුතු කළ යුතුයි.

වවුනියාව – මාධව කුලසූරිය
Aruna
https://bit.ly/33BY7zf

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අම්මා එක්ක තරහ වෙලා ගෙදරින් පැන ආ දියණිය දුම්රියේදී අතවරයට ලක්වෙලා

Newspaper Cartoon – November 12, 2019 – Tuesday