in ,

[Sinhala]/Photo] 50 Boys becoming novice Buddhist monks

50 Boys becoming novice Buddhist monks
Gossip Lanka – 

කුල දරුවෝ 50 නමක් 
බුදු සසුනේ පැවිදි වෙති 

ජූලි 04 වනදා ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයෙහි දී 
කුල දරුවන් 50 නමක් පැවිදි කිරීමේ පුණ්‍ය උත්සවය සිදු කරනු ලැබිණි.
රන්ගිරි දඹුල්ල රාජමහා විහාරාධිපති වන අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ සංකල්පයකට අනුව මෙසේ කුල දරුවන් 50 නමක් පැවිදි කිරීමේ පුණ්‍ය උත්සවය සිදු කෙරුණේ අස්ගිරි හා මල්වතු පාර්ශව අනු නාහිමිවරුන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙනි.

රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සලලේ සිට දඹුලු විහාරය දක්වා කුල දරුවන් පෙරහැරකින් රැගෙන විත් දෙමවුපියන් වන්දවා ආගමික වතාවත් ඉටුකර මහණ කිරීම සිදු කෙරිණි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් මෙම අවස්ථාවේදී පැවසුවේ වර්ථමානය වන විට සාමාන්‍ය ජනතාව මහා සංඝරත්නය කෙරෙහි පමණක් විශ්වාසය තබා සිටින බවකි.මොහොතක් බවය.මහා සංඝරත්නය අද වන විට රට රකින හමුදාව හා පොලීසිය මෙන් බවද උන්වහන්සේ පැවසූහ.

මෙම පැවිදි පිංකම සංවිධානය කෙරූ සංවිධායකයන් පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද සාමග්‍රී  භික්ෂු බල මණ්ඩලය විසින් මෙය සංවිධානය කෙරූ අතර සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සමඟියෙන් භික්ෂූන් වහන්සේලා වැඩ හිදිම අරමුණු කරගෙන මෙම පිංකම ඉටු කෙරූ බවත්ය.

විහාරාධිපති හිමියන් පවසන්නේ මීට වසර 37 කට පෙරද දඹුල්ල වළගම්බා පිරිවනෙහි මෙවැනිම 50 නමක් පැවිදි කිරීමේ පිංකමක් සිදු කෙරූ බවයි.

50 Boys becoming novice Buddhist monks

50 Boys becoming novice Buddhist monks  2
50 Boys becoming novice Buddhist monks  3
 50 Boys becoming novice Buddhist monks  4

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sharia Law in Kaththankudy – Medagoda Abayathissa Thero

ජූලි 8 සිට The 100 ටීවී සීරිස් එක ITN එකේ