in ,

Shawendra Silva Appointed as the new commander of the Sri Lankan Army

Major Genaral Shawendra Silva ,Appointed as the new commander of the Sri Lankan Army..Congratulations

නව යුද හමුදාපති ලෙස 
ශවේන්ද්‍ර සිල්වා පත්වෙයි. 
ඇමරිකාව ඒ ගැන කනස්සල්ලෙන් 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින(අගෝ.19)ශ්‍රී ලංකා නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා
පත්කර තිබේ.
එලෙස පත්වීමත් සමග ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වෙයි. ගජබා රෙජිමේන්තුවේ සේනාපතිවරයා වන ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වනතෙක් යුද හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් කටයුතු කළා.හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්  මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18දා) අවසන් විය. ඔහු 2017වසරේ ජුනි මාසයේ සිට යුද හමුදාපති ලෙස කටයුතු කළේය.දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇත.යුද සමයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදය රටින් තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ රණවිරුවෙකි.ශවේන්ද්‍ර සිල්වා මහතා වීර වික්‍රම විභූෂණය, උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම යන පදක්කම්වලින් පිදුම් ලැබුවෙකි.ශවේන්ද්‍ර සිල්වා මහතා මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.
                    මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙම පත්වීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ අවධානය යොමු වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය කියා සිටිනවා.විශේෂයෙන්ම එක්සත් ජාතීන් ඇතුලු අනෙකුත් සංවිධාන විසින් ඔහුට එල්ල කර ඇති මානව හිමිකම් චෝදනා බරපතල සහ විශ්වාසනීය තත්වයක පවතින බව එම කාර්‍යාලය පෙන්වා දෙනවා.සංහිඳියාව සහ සමාජ සහයෝගීතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය මොහොතක සිදු කල මෙම පත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය, යුක්තිය සහ වගවීමේ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් වී ඇති බව එක්සත් ජනපද බලධාරීන්ගේ අදහසයි.

Major Genaral Shawendra Silva ,Appointed as the new commander of the Sri Lankan Army

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

තරුණ ඇතෙක් ළඟදීම එනවා – විශ්‍රාමික ඔබට පිං ; හරින් ට්විටර් හරහා රනිල්ට හින්ට් පාස් කරයි Ranil and Harin

gym

Randy & Sanoli Gym Photo Shoot