දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් 07/14 දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී රැජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.
රංගන ශිල්පී රැජිනිකාන්ත් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යන අතරතුර ශ්‍රී ලංකා ගුවන් තොටුපළේ පැය කිහිපයක් රැඳී සිට ඇතැයි වාර්තා වේ.
“අප සමඟ පියාසර කිරීම ගැන ඔබට ස්තූතියි. ඔබ යානයට පැමිණීම අපට ගෞරවයක්“, යනුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍යයන් හි සටහනක් තබමින් සඳහන් කර තිබේ.
