in ,

Modify Muslim Marriage Act – Muslim Women

Modify Muslim Marriage Act - Muslim Women ermiza tegal
Gossip Lanka 
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධන ඉක්මන් කරන්න. 

ඊයේ (ජූලි 26) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා ක්‍රියාකාරී ජාල සංවිධානය පවසන්නේ
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම සදහා ඉක්මනින් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළ යුතු බවයි.එම සාකච්ඡාවට හිටපු අමාත්‍ය ෆේරියල් අෂ්රොෆ් මහත්මියද සහභාගී විය.
වසර 40 පමණ කාලයක් සිට මුස්ලිම් විවාහ පනතට සංශෝධන විය යුතු බවට නිරන්තරයෙන් කතා කළද කිසියම් හේතුවක් නිසාවෙන් එය සංශෝධනය කිරීමට නොහැකි වූ බව ෆේරියල් අෂ්රොෆ් මහත්මිය පෙන්වා දුන්නේය.ඇය පෙන්වා දෙන්නේ කාන්තාවන් පීඩාවට පත්වන ආකාරයේ කිසිඳු නීතියක් දෙවියන් වහන්සේ විසින් හඳුන්වා දී නොමැති අතර මනුෂ්‍ය ප්‍රජාව ඊට විවිධ අර්ථකථන දෙමින් කාන්තාවන් පීඩාවට පත් කර ඇති බවයි.

නීතිඥ එර්මිසා ටෙගල් මහත්මිය ද එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අදහස් මේ බව පැවසීය.

“අවම විවාහ වයස අවුරුදු 18.මුස්ලිම් කාන්තාවන්ටත්. කාදි තනතුරට යන්න අවස්ථාව ලැබිය යුතුයි. සැමට නීතිය සාධාරණ විය යුතුයි. විවාහ සහතිකයට කාන්තාවගේ අත්සන. නැතිනම් ඇඟිලි සලකුණ තබන්න අවස්ථාවක්

ලියාපදිංචි කිරීමක් විය යුතුයි. දික්කසාද එකම ක්‍රමයකට. කාදි උසාවි , පවුල් උසාවි ලෙස සැදිය යුතුයි. බහු විවාහ ගැන අදහස් 2ක්. එක අදහසක් බහු විවාහය නොමැති වීම. සමහරු කියනවා එය නැති කරන්න බැරිනම්. බහු විවාහයට දැඩි කොන්දේසි ඇතුළත් කළ යුතුයි. කාන්තාවගේ අවසරය ගන්න ඕනේ“

 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Female Genital Mutilation and Muslim Child Marriage in Sinhala

Ridma + Roshan Pilapitiya pregnancy photo shoot