සංචාරක රාජ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් කාන්තා පෙරමුණ එක්ව ඉදිරිපත් කරන මිස් ටුවරිසම් වර්ල්ඩ් 2023 රූප සුන්දරියන් තේරීමේ ඉසවුව මේ ජූලි මස 20 වැනිදා සිට 31 දක්වා පැවැත්වීමටයි, සංවිධාන කර ඇත්තේ. ඒ, මීගමුව, මහනුවර, නුවරඑළිය, ඇල්ල, යාල, කොළඹ ඇතුළු මෙරට සංචාරක නගර ගණනාවක් කේන්ද්‍ර කර ගනිමින්.
2024 වන විට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක 6 ක පමණ ආදායමක් මෙරටට ගෙන ඒම, තම ඉලක්කය බව, සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
එහි එක් පියවරක් ලෙසයි, මිස් වර්ල්ඩ් ටුවරිසම් ඉසව්ක් මෙරට පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

මීට රටවල් 40 ක් නියෝජනය කරමින්, තරුණියන් සහභාගී වනවා. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ, මේ ඔස්සේ, එම රටවල් 40 තුළ මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මිස් ටුවරිස්ට් වර් ල්ඩ් ඉසව්ව ඉවහල්වනු ඇති බවයි.
එමෙන්ම, රටවල් 100 ක් සහභාගී කර ගනිමින් එළඹෙන දෙසැම්බර් මස දී ලොව විශාලතම ජාත්‍යන්තර සංචාරක ඉසව්ව මෙරට පැවැත්වීමට ද මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.