in , , ,

Lockdown කාලයේ Zoom ඔස්සෙ හැදුනු ලංකාවේ චිත්‍රපටය – ඇල්කොහොල් නැති බියර් -මෙතැනින්

corona film sri lanka

කොරෝනා වෛරස් උවදුරත් සමග පැනවුනු ලොක්ඩවුන් සීමා හමුවේ ඇතැම් වෘත්තීන් නිවසේ සිට පවත්වාගෙන යාමට (Working from home) සිදු වින.එහිදී වැඩි වශයෙන්ම කාර්යාලීය සාකච්ඡා (Office meetings) සිදු කෙරුනේ ‘Zoom’, ‘Skype’, ‘Messenger’ වැනි වීඩියෝ සන්නිවේදන ජාල ඔස්සේය.

නිවසේ සිට කළ නොහැකි රැකියා සහ අත්‍යවශ්‍ය සේවා හැරුණු කොට කර්මාන්ත සහ ක්ෂේත්‍ර රැසක් සංචරණ සීමා ඉදිරියේ ගල් ගැසිනි. සිනමා කර්මාන්තය ද ඒ අතර විය. නමුත් ඊට සම්බන්ධ ඇතැම් කලාකරුවෝ ලොක්ඩවුන් සීමාවන්ට නතු වී විකල්ප මං සොයා ගිය අතර සිනමාවේදී අසෝක හඳගම එසේ නිර්මාණය කෙරූ කෙටි චිත්‍රපටය නමින් ‘Beer without Alcohol’ (ඇල්කොහොල් නැති බියර්) වේ.2005 දී අශෝක හඳගම විසින් නිර්මාණය කෙරූ “අක්ෂරය” චිත්‍රපටය දර්ශනය එහි ඇති දර්ශනයක් හේතුවෙන් ප්‍රදර්ශනය නොවින.

‘Zoom’ වීඩියෝ සන්නිවේදන ජාලය ඔස්සේ නිර්මාණය කෙරූ මෙම ‘Beer without Alcohol’ (ඇල්කොහොල් නැති බියර්) චිත්‍රපටය සඳහා රංගන ශිල්පීන් දායක වන්නේ ඔවුන්ගේ නිවෙස්වල සිටය. යූටියුබ් ඔස්සේ තිරගත කෙරුනු නිසා මේ නිර්මාණය නැරඹීමට ප්‍රේක්ෂකයා සිනමාහලක් වෙත යා යුතු නැත. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් නිවසේ සිටම එය නැරඹිය හැකිය.

රංගන ශිල්පින් ලෙස ,
නදී කම්මැල්ල වීර,
සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාපා ලියනගේ
රුක්මල් නිරෝෂ්

එම චිත්‍රපටය පහලින් බලන්න

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න ලිපි වලට අත්සන් 21,000 ක් ගැහැව්වා- හිටපු ජනපති මෛත්‍රිපාල

හක්කපටස් නිසා වේදනාවෙන් වතුරේ සිට මියැදුණු කේරලයේ ගර්භනී ඇතින්න[VIDEO]