විස්සයි විස්ස වාර්තා අලුත් කරමින්
මාලිංග පිට පිට විකට් 4 ක් ගත්තු හැටි
[VIDEO]
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ(සැප් 6)පැවැත්වුණු
විස්සයි-20(T20)තරඟයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් වාර්තා අතරට එක්විය.ඒ සමගින් ලංකාවද ලකුණු 37 කින් නවසීලන්තය පරදා ජයග්‍රහණය කරන ලදී.
තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වීය.
එහි කඩුලු ත්‍රිත්වයක් ද ඇති හෙයින් ,මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය.
මාලිංග මීට පෙර එක්දින පිටියේදී පිට පිටම පන්දු හතරකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් හතරක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටවීය.
ඒ අනුව විස්සයි20 පිටියේදී හා පන්දුවාර 50 තරගවලදී එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ පළමු පන්දු යවන්නා වන්නේද මාලිංගයි.

ඊයේ තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින්ද ලසිත් මාලිංග ක්‍රිකට් වාර්තා අතරට එක්විය.