Thursday, January 21, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

ඉරාක පූජකවරුන් අසරණ ගැහැනු දරුවන්ව ‘විනෝද ලිංගික විවාහ’ වලට පොළඹවලා

October 23, 2019
0
muslim girl child marriage
1
SHARES
196
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
31

ඉරාකයේ පූජකවරුන් තරුණ ගැහැනු දරුවන් ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු කිරීමට පෙළඹී සිටින බව බීබීසී අරාබි පුවත් සේවය කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙය අනාවරණය වී ඇත්තේ, ෂියා මුස්ලිම් පාර්ශවයේ තාවකාලික “විනෝද විවාහ” සම්බන්ධයෙන් කළ ගවේෂණයකින් පසුවය.

ඉරාකයේ වඩාත් වැදගත් සිද්ධස්ථාන අසල පූජකවරුන් විසින් පවත්වාගෙන යනු ලබන විවාහ කාර්යාල සම්බන්ධයෙන් කළ රහසිගත ගවේෂණයකින් හෙළි වී ඇත්තේ, පූජකවරුන්ගෙන් බොහෝ දෙනෙකු ලිංගිකව හැසිරීම සඳහා ඉතාමත් කෙටි කාලයකට, ඇතැම් විට පැයකට අඩු කාලයක් සඳහා “විනෝද විවාහ” කර දීමට සූදානමින් සිටින බවය.

ඇතැම් පූජකවරු මෙවැනි කෙටි කාලීන විවාහ වයස අවුරුදු 9 පසු වන දැරියන්ට පවා සිදු කර දීමට සූදානමින් සිටිති.
ඊට අමතරව, විනෝද විවාහ සදහා මනාලියන් ලෙස කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් සැපයීමට ද ඔවුන්ට ඇණවුම් ලැබේ.
පූජකවරුන් දැරියන් ලිංගිකව අපයෝජනය කිරීම සදහා ආගමික වශයෙන් ආශීර්වාද කරන බවත් ඔවුන් තැරැව්කරුවන් ලෙස ක්‍රියා කරන බවත් මෙම ලිපියෙන් අනාවරණය කෙරේ.
iraq bbc sinhala

විනෝද විවාහය (නිකාහ් මුටාහ්) යනු කාන්තාවකට මුදල් ගෙවීමෙන් සිදු කරන තාවකාලික විවාහයක් හරහා සිදුවන ෂියා මුස්ලිම්වරුන්ගේ මතභේදාත්මක ආගමික පිළිවෙතකි. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල “මිස්යාහ්” විවාහය හරහා ද සිදු වනුයේ මීට සමාන කාර්යයකි.

මෙම ක්‍රමය භාවිතයට පැමිණ ඇත්තේ පිරිමි පුද්ගලයෙකුට ගමන් බිමන් යන විට බිරිඳක රැගෙන යාමට ඉඩ දීම සදහා යැයි සැලකේ. එහෙත් එය වර්තමානයේ භාවිත වනුයේ පිරිමියෙකුට සහ ස්ත්‍රියකට සීමිත කාලයක් සඳහා ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ දීම සදහාය. මෙම ක්‍රමය සම්බන්ධයෙන් මුස්ලිම් විද්වතුන් අතර බෙදීම් පවතින අතර සමහරුන් එය ගණිකා වෘත්තිය නීත්‍යනුකූල කිරීමක් බවට චෝදනා කර අතර විවාහයක කාලය කෙතරම් කෙටි විය හැකි ද යන්න පිළිබඳව ද මතවාද පවතී.

රහසිගතව පූජකවරුන් රූගත කිරීම සහ ලිංගික සූරාකෑමට ලක්වූ කාන්තාවන් මෙන් ම පූජකවරුන්ට මුදල් ගෙවූ පිරිමින් ද සම්බන්ධ කර ගනිමින් “විනෝද මනාලියන්” සොයා ගැනීමේ ක්‍රියාවලිය පිළිබදව බීබීසී ඉරාක සහ බ්‍රිතාන්‍ය කණ්ඩායම් මාස 11 ක ගවේෂණයක නිරත විය.

වසර 15 ක් පුරා පවතින යුද්ධයෙන් ඉරාක කාන්තාවන් මිලියන ගණනක් වැන්දඹුවන් බවට පත්ව ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර තවත් බොහෝ දෙනෙකු අවතැන් වී තිබේ. දරිද්‍රතාව හේතුවෙන් බොහෝ කාන්තාවන් හා ගැහැනු දරුවන් විනෝද විවාහ පිළිගැනීමට පෙළඹෙන බව බීබීසී කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි.

බහුලව සිදුවන දෙයක්

ඉරාකයේ අති ශුද්ධ වූ සිද්ධස්ථාන දෙකක් ආශ්‍රිතව විනෝද විවාහ බහුලව පවතින බවට සාක්ෂි සොයා ගැනීමට බීබීසී කණ්ඩායමට හැකි විය.

උදාහරණයක් ලෙස බීබීසී කණ්ඩායම බැග්ඩෑඩ්හි ෂියා මුස්ලිම්වරුන්ගේ අතිශය වැදගත් සිද්ධස්ථානයක් ලෙස සලකෙන ඛදිමියා දේවස්ථානයේ පූජකවරුන් 10 දෙනෙකු සමග කතාබහ කළේය. ඔවුන්ගෙන් 8 දෙනෙකු පැවසුවේ, ඔවුන් විනෝද විවාහ සිදු කර දී ඇති බවය. ඔවුන්ගෙන් අඩක් පැවසුවේ, වයස අවුරුදු 12 හෝ 13 වියේ පසු වූ දැරියන්ට විනෝද විවාහ සිදු කර ඇති බවය.

ඊට අමතරව, ලොව විශාලතම ෂියා පූජනීය ස්ථානය ලෙස සැලකෙන කර්බාලාහි පූජකවරුන් 4 දෙනෙකු සමග ද කතා කිරීමට කණ්ඩායමට හැකි විය. ඔවුන්ගෙන් දෙදෙනෙක් තරුණ දැරියන් සමග විනෝද විවාහ සිදු කිරීමට කැමැත්ත පළ කළහ.

එම පූජකවරුන් සිව් දෙනා කී දේ රහසිගතව රූගත කෙරිණි. තිදෙනෙක් කාන්තාවන් ලබා දිය හැකි බව පැවසූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් තරුණ දැරියන් ද ලබා දිය හැකි බව පැවසූහ.

video

බැග්ඩෑඩ්හි පූජකවරයෙකු වන සයීඩ් රාඩ් බීබීසී රහස්‍ය වාර්තාකරුට පැවසුවේ ෂරියා නීතිය මගින් විනෝද විවාහයට නිශ්චිත කාල සීමාවක් පනවා නොමැති බවය. “පිරිමියෙකුට තමන්ට අවශ්‍ය තරම් කාන්තාවන් විවාහ කර ගන්න පුළුවන්. ඕන නම් ගැහැනු ළමයෙක් පැය භාගයකට විවාහ කර ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්නත් පුළුවන්.”

වයස අවුරුදු නවසේ සිට ඉහළට

දැරියක සමග විනෝද විවාහයක් පැවැත්වීම පිළිගත හැකිදැයි බීබීසී වාර්තාකරු සයීඩ් රාඩ්ගෙන් විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ, “ඇයගේ කන්‍යාභාවය නැති නොකිරීමට වගබලා ගන්න,” යනුවෙනි.

“ඔබට ඇය ස්පර්ශ කිරීම් කරන්න පුළුවන්, ඇය එක්ක වැතිරෙන්න, ඇගේ සිරුර, පියයුරු ස්පර්ශ කරන්න. ඉදිරිපසින් ලිංගිකව එක්වෙන්න බෑ. ඒත් ගුද සංසර්ගය කරන්න පුළුවන්,” ඔහු පැවසීය. එහිදී දැරියට වේදනාවක් දැනුණහොත් කුමක් සිදුවේදැයි ඇසූ විට පූජකවරයා උරහිස් හකුළුවමින් පිළිතුරු දුන්නේ, “එයාට වේදනාව දරා ගන්න පුළුවන් ද බැරි ද කියන එක ඔය දෙන්න අතරේ තියෙන දෙයක්.”

කර්බාලාහි පූජකවරයෙකු වන ෂෙයික් සලාවිගෙන් වාර්තාකරු රහසිගත කැමරාවක් මගින් රූගත කරමින් විමසුවේ, 12 හැවිරිදි දැරියන් විනෝද විවාහ සඳහා යොදාගත හැකි ද? යන්නය. “ඔව්. අවුරුදු 9ට වැඩි නම් කිසි ප්‍රශ්නයක් නෑ. ෂරියා නීතියට අනුව කිසි ප්‍රශ්නයක් නෑ,” ඔහු පැවසීය.

සයිඩ් රාඩ් පැවසූ පරිදි ම ඔහු ද පැවසුවේ, ප්‍රශ්නයකට ඇත්තේ දැරිය කන්‍යාවියක් ද යන්න පමණක් බවය. ස්පර්ශ කිරීමට අවසර ලැබෙන අතර බාලවයස්කාර දැරිය එකඟ නම් ගුද සංසර්ගයට බාධාවක් නොමැති බවය. ඔහු එසේ කීවේ, “ඔබට කැමති දෙයක් කරන්න” යනුවෙන් කීමට පෙරය.

දුරකතන හරහා විවාහ වීම

දරුවෙකු සමග සිදු කරන විනෝද විවාහය සඳහා වූ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා වාර්තාකරු තමන්ට 13 හැවිරිදි “ෂයිමා” නමැති ව්‍යාජ දැරියක සමග විවාහ වීමට අවශ්‍ය බව පැවසීය. ඇත්ත වශයෙන් ම එම දැරිය ලෙස පෙනී සිටියේ බීබීසී පුවත් සේවයේ සාමාජිකාවකි.

එහිදී ඇයගේ පවුලේ සාමාජිකයින් හමුවන ලෙසට හෝ ඔවුන් සමග කතා කරන ලෙසට සයිඩ් රාඩ් එම වාර්තාකරුට පැවසූවේ නැත. රහස්‍ය වාර්තාකරු සමග කුලී රථයක් තුළ අසුන් ගත් පූජකවරයා විවාහය දුරකතනය ඔස්සේ සිදු කිරීමට එකග විය.

“ෂමියා මොහු එක්ක විවාහ වෙන්න කැමැත්ත දෙනවා ද? එයා එක් දවසකට ඔයාට ඩිනාර් 150000ක් ගෙවයි,” ඔහු දුරකතනය ඔස්සේ ඇයගෙන් විමසීය. අවසානයේ ඔහු මෙසේ පැවසීය. “දැන් ඔය දෙන්නා විවාහ වුණා. මේක හලාල් විවාහයක්.”

දුරකතනයෙන් විනාඩි කිහිපයක් ගත කර සිදු කළ විවාහය වෙනුවෙන් එම පූජකවරයා ඇමෙරිකානු ඩොලර් 200ක් බීබීසී වාර්තාකරුගෙන් අය කළ අතර 13 හැවිරිදි දැරියගේ ශුභසිද්ධිය පිළිබදව කිසිදු තැකීමක් නොකළේය.

ආගමික ආවරණය

පූජකයන් විසින් සපයනු ලබන ආගන්තුක කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට නිරන්තරයෙන් විනෝද විවාහ සිදු කරන විවාහකයෙකු බීබීසී පුවත් සේවයට මෙසේ පැවසීය: “අවුරුදු 12 ගෑනු ළමයි ‘නැවුම්’ නිසා ටිකක් ගණන්. ඒ වගේ කෙනෙක් ඩොලර් 500, 700, 800 වගේ මිල අධිකයි. පූජකයෝ සල්ලි හොයන්නේ එහෙමයි.”

ඔහු විශ්වාස කරන්නේ, තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ආගමික ආවරණයක් පවතින බවය. “කවුරු හරි පූජකවරයෙක් කියනවා නම් විනෝද විවාහ හලාල් කියලා, ඒක පවක් විදිහට ගැනෙන්නේ නෑ.”

ඉරාකය පුරා කාන්තා නේවාසිකාගාර ජාලයක් පවත්වාගෙන යන කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන යානාර් මොහොමඩ් පැවසුවේ, ගැහැනු දරුවන් මනුෂ්‍යයින් ලෙස නොව “වෙළඳ භාණ්ඩ” ලෙස සලකන බවය.

“වෙළඳ භාණ්ඩ එක එක ආකාරවලින් පාවිච්චි කරන්න අවසර තියෙනවා. ඒත්, කන්‍යාභාවය තියාගෙන ඉන්නවා, අනාගතයේදී ලොකු වෙළෙදාමක් වෙනුවෙන්,” ඇය පැවසුවාය. ‘ලොකු වෙළෙදාම’ යනු විවාහයයි.

ගැහැනු දරුවෙකුගේ කන්‍යාභාවය නැති වී ඇත්නම්, ඇය විවාහ විය නොහැකි කාන්තාවක ලෙස සලකනු ලබන අතර, ඔවුන් සිය පවුලට අගෞරවයක් ගෙන ඒම නිසා ඇගේ ම පවුලේ අය විසින් මරා දමනු ලැබීමේ අවදානමක් ද පවතී. “මේ හැම දේකට ම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට,” ඇය පැවසීය.

තැරැව්කාරකම්
බීබීසී කණ්ඩායම පූජකවරුන් සමග රහසිගතව රූගත කළ සංවාද පටිගත කර ඇති අතර ඔවුන් පවසන්නේ, ඔවුන් තරුණ ගැහැනු ළමුන් මිල දී ගැනීමට කැමැත්තක් දක්වන බවය.

ඔවුන් සිය වාර්තාව සදහා පූජකවරයෙකු විසින් විනෝද විවාහවලට යොමු කරවන ලද බාලවයස්කාර දැරියකගේ සාක්ෂි භාවිත කර ඇති අතර, එම තොරතුරු තවත් සාක්ෂිකරුවන් විසින් සනාථ කරනු ලැබ තිබේ.

පැය 24 ක විනෝද විවාහයක් සඳහා මිල දී ගනු ලැබූ තරුණියක රහසිගත වාර්තාකරු වෙත ඉදිරිපත් කළ පූජකවරයෙකු ක්‍රියා කළ ආකාරය බීබීසී කණ්ඩායම රහසිගතව රූගත කළේය. ඇත්ත වශයෙන් ම එම පූජකයා ක්‍රියා කළේ තැරැව්කරුවකු (Pimp) ලෙසය.

රහස්‍ය වාර්තාකරු අදාළ තරුණිය සමග විනෝද විවාහය පැවැත්වීම ප්‍රතික්ෂේප කළ විට, පූජකයා, ඔබ යෞවන වියේ ගැහැනු ළමයෙකුට වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි යෝජනා කළ අතර එවන් ගැහැනු දරුවන් ඔහු වෙත ඉදිරිපත් කළේය.

හෙළා දැකීම

ඝයිත් තමීමි ඉරාකයේ හිටපු ප්‍රධාන පෙළේ ෂියා පූජකවරයෙකි. ඔහු මූලධර්මවාදය සම්බන්ධයෙන් පළ කළ අදහස් හේතුවෙන් මේ වන විට ලන්ඩනයට පිටුවහල් කර සිටී.

ඔහු කාන්තාවන් සූරාකෑම සඳහා විනෝද විවාහ සිදු කරන සහ විශේෂයෙන් බාලවයස්කාර ගැහැනු ළමයින්ගේ විනෝද විවාහ අනුමත කරන පූජකවරුන් හෙළා දකී. “අපරාධයක් නම් ඒකට නීතියෙන් දඩුවම් කළ යුතුයි”

ඇතැම් ඉරාක ෂියා ආගමික නායකයින් ලියූ ලිපිවල දැක්වෙන්නේ, ඉස්ලාමීය නීතිය මගින් ළමයින් සමග ලිංගිකව හැසිරීමට අවසර ලැබෙන බවය. මෙම ක්‍රියාවන් හෙළා දැකිය යුතු බව තමීමි ෂියා ආගමික නායකයින්ගෙන් ඉල්ලා තිබිණි.

බීබීසී අරාබි සේවය විසින් රහසිගතව රූගත කරන ලද පූජකවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක් තමන් ෂියා ඉස්ලාම් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අයතුල්ලා සිස්තානිගේ අනුගාමිකයන් බව හදුන්වා දුන්හ.

කෙසේ වෙතත්, බීබීසී සේවයට ප්‍රකාශයක් කරමින් අයතුල්ලා සින්තානි මෙසේ පැවසීය: “ඔබ පවසන ආකාරයට මෙම ක්‍රියා සිදුවන්නේ නම් අපි ඒවා අනිවාර්යයෙන් ම හෙළා දකිනවා. කාන්තාවන්ගේ ගෞරවය හා මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරන අයුරින් ලිංගිකත්වය අලෙවි කිරීමේ මෙවලමක් ලෙස තාවකාලික විවාහය භාවිත කරන්න අවසරයක් නැහැ.”

ඉරාක රජයේ ප්‍රකාශකයෙකු බීබීසී අරාබි සේවයට පැවසුවේ, “පූජකවරුන්ට එරෙහි පැමිණිලි රැගෙන කාන්තාවන් පොලිසියට නොගියහොත් බලධාරීන්ට එම චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම දුෂ්කරයි,” යනුවෙනි.

-BBC Sinhala
https://bbc.in/2PdUNWr

muslim girl crying
Child-Marriage

[Audio] ඒකයි කියන්නෙ මුස්ලිම් ආගම කැත ආගමක් කියලා ;මුස්ලිම් කෙල්ලෙක් අඬමින් කියන දේ

November 12, 2016
104
muslim child marriage
Child-Marriage

නැගෙනහිර මුස්ලිම් ළමා විවාහ වැඩිවෙලා – මුස්ලිම් නීතිවේදිනියක් කියන කතාව මෙන්න [VIDEO]

March 21, 2017
22
මුස්ලිම් ගැහැණු
Child-Marriage

මුස්ලිම් ළමා විවාහ කියන්නෙ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක් – මුස්ලිම් ක්‍රියාකාරිනියෝ

June 13, 2017
114
muslim girl marriage sri lanka bbc video
Child-Marriage

ලංකාවේ මුස්ලිම් ළමා විවාහ වල අඳුරු පැත්ත හෙළිවන BBC වීඩියෝව

July 10, 2017
24
muslim child marriage sri lanka
Child-Marriage

බාල වයස් නැතුව තේරුමක් ආපු දවසට බන්දන්න – තවත් මුස්ලිම් කතකට කාති උසාවියෙන් අසාධාරණ [VIDEO]

July 17, 2019
54
Prev Next

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
8

...

Read more
corona-wedding

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
31
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
936
everest-hight-sinhala

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

December 12, 2020
20
vijithapura-muslim-mosque

විජිතපුර පුරාවිද්‍යා ස්මාරකයක් ඩෝසර් කර පල්ලියක තාප්පයක් හදලා [VIDEO]

December 12, 2020
19
covid jewellery

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020
35

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
298

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
51

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

woman-porn-sinhala
18 Plus

ස්මාර්ට් ෆෝන් වලින් පිරිමින්ටත් වඩා අසභ්‍ය දේ බලන්නෙ කෙල්ලො – PornHub වෙබ් අඩවිය කියයි

April 11, 2017
0
121

Read more
colombo-prostitute
18 Plus

කොරෝනා සමයේ කොළඹ රෑ සමනලියන්ගේ ජිවිත ගෙවුන හැටි

July 3, 2020
85
lesbian-police-constable
18 Plus

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
63
fill t malli song
18 Plus

කොටු දාන්න ඕන ඒවා ගොඩක් තියෙන Fill-T ගෙ ‘මල්ලි’ Music වීඩියෝව මෙන්න

June 26, 2018
258
mangala samaraveera
18 Plus

සනීපාරක්ෂක තුවා ගැන මම දැනගත්තෙ 9 වසරෙදි -මංගල සමරවීර [VIDEO]

November 3, 2019
57
viagra pills sinhala
18 Plus

නිල් පැහැති වියාග්‍රා පෙත්ත ගැන ඔබ නොදත් කරුණු මෙන්න [Viyagra]

April 6, 2018
349
18 Plus

? හිරුණිකා + රංජන් 3 වෙනි හඬපටය මෙන්න ; අසභ්‍ය කතා කෝටියයි ??‍♀️?‍♂️?

January 18, 2020
28
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0
  • සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

    1 shares
    Share 1 Tweet 0

අලුත්ම පුවත්

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
15
Uncategorized

January 6, 2021
6
kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
15
covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
38

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

patali champika

[FREE Download] පාඨලී චම්පික ලිව්ව ඉස්ලාම් අන්තවාදය ගැන පොත මෙන්න

December 18, 2019
109
හතේ අපේ පොත -hathe ape potha

හතේ අපේ පොත [Hathe Ape Potha] මෙතැනින් බලන්න

December 27, 2019
199
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist