in , ,

GPS යොදාගෙන සැමියාගේ හොර අල්ලන්න ගිය බිරිඳ අත්අඩංගුවේ

GPS-Tracker-sinhala

GPS යොදාගෙන සැමියාගේ හොරඅල්ලන්න ගිය බිරිඳ අත්අඩංගුවේ 

සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බව මීට දිනකට ඉහත දී දැන ගැනීමට ලැබීමත් සමග පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් සිය නවීන ජංගම දුරකතනයේ GPS තාක්ෂණය යොදාගෙන ඔහුගේ හොර ඇල්ලීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එලෙස නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැකකටයුතු ලෙස රැදී සිටි කාන්තාවක් අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

අලුයම 2 ට පමණ කාන්තාවක් නිවස ඉදිරිපිට ගසකට මුවාවී සිටිනු දුටු නිවෙස් හිමියා සොරකමේ පැමිණි කාන්තාවක් බව සිතා අසල්වාසීන් ද අවදි කරවාගෙන පොල්ලක් රැගෙන පහර දීමට සුදානම් වී කාන්තාව අසලට යාමේ දී ජංගම දුරකථනයෙන් මුහුණ පෙන්වමින් පැවසු දෙයින් පොල්ලෙන් පහරදීම මදකඩ නවතා ඇයට සවන් දී ඇතැයි පොලිසිය පවසයි.

මුහුදු යන පවසා නිවසින් පිට වී ගිය සැමියා බණ්ඩාරගම වැල්මිල්ල නිවසේ සිටින බව ජංගම දුරකථනයේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කළ බැවින් ඔහු සහ අනියම් බිරිඳ අල්ලා ගැනීම සඳහා කුලියට ලබා ගත් ත්‍රිරෝද රථයකින් පැමිණ සිටි බව ප්‍රකාශ කර ඇත.

-Lankadeepa(https://bit.ly/35vKmCX)

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මංගල සමරවීර වගේ විග්නේශ්වරන් පන්සලේ තාප්පෙ ඔලුව ගහගෙන | Newspaper Cartoon – December 17, 2019 – Tuesday

ඩිලන්ත මාලගමුව රජයෙන් ආරක්ෂාව ඉල්ලයි