පරිගණක කී‍්‍රඩා කිරීමේ අරමුණින් බේරුවල, මාගල්කන්ද ප‍්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ කාමරයේ තිබූ පරිගණකය සොරකම් කරන ලද ළමුන් දෙදෙනෙක් බේරුවල පොලිසිය විසින් පෙරේදා (ජුනි 01) අත්අඩංගුවට ගෙන තිබේ.
පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් විදුහල වසාදමා තිබූ බැවින් ජුනි 01 දා විදුහල පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් පවත්වා ඇති අතර ඒ සඳහා විදුහල්පතිවරයාද පැමිණ තිබේ. එහිදි විදුහල්පතිවරයාගේ කාර්යාලයට යාබද කාමරයේ ජනේලය කඩා තිබී ඇති අතර තවදුරටත් පරීක්‍ෂා කිරීමේදී විදුහල්පතිවරයාගේ කාර්යාලයේ ඇති පරිගණකය සහ සියළු උපාංග නොමැති බව දැක විදුහල්පති බේරුවල පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව විමර්ශන කිරීමේදී ළමුන් දෙදෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලින් පසු පරිගණකය ඇතුළු සියළු උපාංග සොයාගැනීමට පොලිසිය සමත් වී තිබේ.
විදුහලේම යකඩයක් ආධාරයෙන් ජනේලයේ යකඩ ගි‍්‍රල් එක ගලවා ඇතුල්වී සුක්‍ෂම ලෙස පරිගණකය ගලවා කොටස් වශයෙන් රැගෙන ගොස් ඇති බවත් ප‍්‍රදේශයේ පරිගණක අලූත්වැඩියා කරන්නෙක් වෙත ගොස් ගේම් කි‍්‍රඩා කිරීම සඳහා පරිගණකය එකලස් කරදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු හෙළිවු බැව් පොලිසිය කියයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මාගල්කන්ද ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 සහ 13 වයසේ පසුවන ළමයින් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.
ළමුන් දෙදෙනා කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.