in

Ethiopia plants 350 million trees

ethiopia plants 350 million trees
ඉතියෝපියාව දිනක් ඇතුලත පැළ 
මිලියන 350ක් සිටුවා වාර්තාවක් තියලා 
වනාන්තර විනාශයට නැවතීමේ තිත තබමින් පරිසරය රැකගැනීම වෙනුවෙන් දිනක් තුළ පැළ මිලියන 350ක් සිටුවමින්

ලෝක වාර්තාවක් තැබීමට ඉතියෝපියාව සමත් වී තිබෙනවා.

නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ගේ නායකත්වයෙනි.
වනාන්තර විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඬපැවැත්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, රජයේ සේවකයන්ට පැළ සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා ඉඩ සලසමින් ඇතැම් මහජන කාර්යාල වසා දැමීමටත් බලධාරීන් කටයුතු කර තිබුණි.
20 වැනි ශතවර්ෂයේ මුල භාගයේදී ඉතියෝපියාවේ වන ගහණය සම්පූර්ණ භූමියෙන් 35%ක් වුවත්, වර්ෂ 2000 පසු කරන විට එය 4%ක් දක්වා අඩුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඒ අනුව, ‘හරිත උරුමයකට මුලපිරීම’ යන මැයෙන් ආරම්භ කළ අගමැති අබි අහමඩ්ගේ රුක් රෝපණ ව්‍යාපෘතිය රටපුරා ස්ථාන දහසකදී ක්‍රියාවට නංවා තිබුණේ, රට පුරා දේශීය පැළ කෝටි 400 ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණු කර ගනිමිනි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

TV Derana Dream Star Udesh Indula Wedding

[Photos] TV Derana Dream Star Udesh Indula Wedding Moments

සිසුවියක් ලියූ අපූරු පෙම් පතක් – Funny Love letter