කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මාස්ක් එකක් පැළඳිය යුතු බව සැවොම දන්නා කරුණක්.නමුත් වෙළඳපලේ විවිධ මාස්ක් වර්ග ඇති බැවින් නිවැරදි මාස්ක් එක කුමක්ද යන්න බොහෝ දෙනා නොදනී.ප්‍රමිතිය අනුව මාස්ක් වර්ග කිහිපයක් ඇති අතර ටික් ටෝක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ වූ මෙම විඩියෝවෙන් පුද්ගලයෙකු එම මාස්ක් වල ගුණාත්මක භාවය සරල ලෙස පෙන්වා ඇත.මිනිසුන් පළඳින විවිධ මාස්ක් යොදා ගනිමින් ලයිටරයක දැල්ල නිවීමට මුඛයෙන් වාතය පිඹියි.එහිදී පිලිවෙලින් ,
- සාමාන්‍ය රෙදි කැබැල්ලක්(Shirt),
- සාමාන්‍ය රෙදි වලින් මසන ලද මාස්ක් එකක් (Home made),
- සර්ජිකල් මාස්ක් (Surgical Mask),
- N95 Mask (N95 සහ KN95 ලෙස මාස්ක් වර්ග දෙකක් ඇත.N95 American Standard මාස්ක් එකයි.KN95 යනු Chinese Standard එකයි.දෙකම එකම layers වලින් සකසා ඇත.),
- 3M VFLEX N95,
- COPPER MASK
යන ක්‍රම අත්හදා බලයි.මේ අනුව නිගමනය කල හැක්කේ අවම වශයෙන් පැළඳිය යුත්තේ සර්ජිකල් මාස්ක් (Surgical Mask) එක බවයි.රෙදි මාස්ක් එක ඔබව ආරක්ෂා කරන්නේ නැත.
වීඩියෝව පහලින් ,
video source : https://bit.ly/37EgQNX
Discussion about this post