in ,

Council of Ex-Muslims of Sri Lanka warns About rising Islamic Terrorism

Council of Ex-Muslims of Sri Lanka warns About rising Islamic Terrorism

ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය 
යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය
ගැන අනතුරු අඟවයි 

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ
කවුන්සිලය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදය පහතින් දැක්වෙයි.

ඉස්ලාම් ආගමේ කොන්දේසිවලට යටත් නොවූ අයට විරුද්ධව කරනු ලබන තර්ජනය හා මර්දනය ඉස්ලාම් ආගමේ ආරම්යේ සිට සිදුවන වර්තමානය දක්වා සිදුවම්න් පවතින්නේය. ඉස්ලාම් ප්‍රතිපත්තිය පිළිනොගන්නා අයට ද, එය ප්‍රතික්ෂේප කර හැරගිය අයටද එරෙහිව ආරම්භ කළ යුධ හඬ දශක ගණනාවක කාලයක් අවසන්වුවද තවමත් ඒවා කුරිරු ලෙස හඬ නගමින් පවතී. දව්හීත් ජමාත් සහ ජමාත්තේ ඉස්ලාමි යන සංවිධාන විසින් පෝෂණය කර ඉන් පසුව කුඩා කාලයක් තනි සංවිධානයක් ලෙස ක්‍රියාකල ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙම අවුරුද්දේ අප්‍රේල් මස සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ඒ අඛණ්ඩ ක්‍රියාවේ එක් කොටසක් විය.
මෙම ප්‍රහාරවලින් අනතුරුව පැවති සාකච්ඡාව හා සංවාද ඉතාමත්ම වැදගත්ය. ඉස්ලාම් ආගමේ නාමයෙන්; එකී උතුම්භාවයේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් බොහෝ අය නිහඬ භාවය අවසන් කර හඬනගන්නට අවතීරණය වීම, අවශ්‍ය වෙනස් වීම් සඳහා හඬනඟන්නට පෙළඹවීම ද දකින්නට ලැබුනා. ඉස්ලාම් ආගමේ අන්තවාදය නිසා විපතටපත්වූවන්ගේ හඬ පිළිබඳව අද රජය සහ අනිකුත් සමාජ සංවිධාන විසින් ද වඩා සැලකිලිමත් වීම ඒ සදහා වන ප්‍රධාන හේතු සාධක වලින් එකක්ය.

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (MMDA) විශාල ලෙස සංශෝධනය කළ යුතු බව නැවත නැවතත් පැහැදිලි කරමින් දින කීපයකට පෙර මුස්ලිම් කාන්තා සංවිධාන කිහිපයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ අතර, මාධ්‍යවලට හා සමාජ මාද්යවලට අදහස් ද අඛණ්ඩව ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ දී එම කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදය සිය කුරිරුභාවය පෙන්වා ඇත.
ඉස්ලාම් අන්තවාදීන් කිසිඳු වරදකාරී හැඟීමකින් තොරව ප්‍රසිද්ධියේ එම කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කිරීම එක පැත්තක සිදුවීමෙන් පැවැත්වෙද්දී, අනෙක් අතට මුස්ලිම් කාන්තා සංවිධාන ඉදිරිපත් කළ සංශෝධන වලට ජමියතුල් උලමා සංවිදානය එකඟ නොවූ අතර මුස්ලිම් දේශපාලකයන් අදාල කරුණු මත ක්‍රියාකිරීම මට්ටු කරන්නට උත්සාහ කරමින් සිටි. මෙකී ප්‍රතිඵලයක් ලෙස වෙනස බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව පැතිරීයන අන්තවාදය සමාජ මාධ්‍යවලින් වර්ධනය වී ඇත.
කුරාන්, හදීස් සහ ඉස්ලාම් දේශන ග්‍රන්ථවල ඇති අන්තවාදය, ප්‍රචණ්ඩත්වය, මූලධර්මවාදය, ක්‍රෝධය, ස්ත්‍රී පුරුෂ වෙනස්කම්, අන්ධභක්තිය යනාදිය උගන්වනු ලබන තෙක් හා ඒවා උතුම්බව සලකන තෙක් ඉස්ලාම් ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට නොහැකි බව ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය අවදාරණය කරය්. වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය ඕනෑම අවස්ථාවක මිලේච්ඡ ත්‍රස්තවාදයක් ලෙස වෙනස්විය හැකි අවධානමක් පවතින බව අතීතය අපහට උගන්වා ඇත. මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවට ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි. ජනතාව විසින් තෝරාපත් නොවූ සමස්ථ ලංකා ජමියතුල් උලමා යනාදී මූලධර්මවාදී සංවිධාන රටේ නීති පිළිබද කරුණුවලට බලපෑම් කිරීම හා මුස්ලිම් වරුන්ගේ කටයුතු වල ආධිපත්‍යය පැතිරවීම ද ජනතාව විසින් තේරීපත් වූ රජය අනුමත නොකළ යුතුය, අනෙක් අතට එය වහාම තහනම් කළ යුතුය. තව ද, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය වැනි පෞද්ගලික නීති සියල්ලම තහනම් කර සමස්ත ජනතාවටම ගැලපෙන පොදු නීතිය ක්‍රියාත්මක කර යුතු බව ද අසාධාරණයට විරුද්ධව, යුක්තිය ඉල්ලා හඬ නගන කාන්තාවන්ට එරෙහිව ඉස්ලාම් අන්තවාදීන් විසින් කරනු ලබන ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගත යුතු බවට ද රජයෙන් සහ මහජන නියෝජිතයන්ගෙන් ද ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය ඉල්ලා සිටියි.

– ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ගෑනු නාන හැටි බලන්න ගොස් සූර්වී ඇඳුම් නැතුවම කාලා

Full Phone Call with RanjanRamanayake and Iraj Weerarathne