කොරෝනා වසංගතය හමුවේ රජයෙන් කියා තිබුනේ විවාහ මංගල උත්සවය ලබා ගැනීමට අවශ්‍ය නම් අවශ්‍යම සීමිත පිරිස පමණක් සහභාගී කරවාගෙන ඉටු කිරීම වරදක් නොවන බවයි.එය ඒ ආකාරයෙන්ම සිදු කර අනවශ්‍ය ලෙස වැය වීමට තිබූ මුදල් වලින් පීඩාවට පත් පිරිස් වෙත ආධාර උපකාර කෙරූ යුවලක් පිළිබඳවයි මේ.
මනාල යුවලක් සිය අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පීඩාවට පත් ජනතාව වෙත වියලි සළාක සහ කුඩා ළමුන්ට සෙල්ලම් බඩු ආදිය පිරිනැමීමක් අප්‍රේල් 27 දින මාතර ,මාලිම්බඩ දී සිදුකරන ලදී.
මෙලෙස ආදර්ශමත් ක්‍රියාවක නිරත වූයේ මාතර මාලිම්බඩ පදිංචි දර්ශන කුමාර මහතා (30) සහ දික්වැල්ලෙහි පදිංචි පවනි රසාංගි මෙනවියයි.
රජයේ සෞඛ්‍ය නීති රීති වලට අනුව දස දෙනෙකුටත් අඩුවෙන් දෙපාර්ශවයේ පවුලේ ඥාතීන් පමණක් සහභාගී කර ගනිමින් සිය විවාහ ගිවිස ගැනීම චාරිත්‍රානුකූලව සිදුකිරීමෙන් අනතුරුව මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පීඩාවට පත් පවුල් වෙසෙන නිවාස වෙතට ගොස් වියලි සළාක මෙන්ම එම පවුල් වල සිටින කුඩා ළමුන් සදහා සෙල්ලම් බඩු ආදී ද්‍රව්‍ය ද ප්‍රදානය සිදුකළේය.
” අපි අපේ විවාහ මංගල උත්සවය උත්සව ශාලාවක ජයටම ගන්න සැළසුම් කරලා තිබුන අවස්ථාවේ තමයි කොරෝනා වෛරසය මෙරට පැතිරෙමින් ඉතා අවදානම් තත්ත්වයත් මතුවුනේ. ඒ නිසා අපිට උත්සව ගන්න අවස්ථාවක් නෙවෙයි මේක.
ඒත් අපේ චාරිත්‍ර අනුව විවාහය සිදුකරලා , අප ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට යම් උපකාරයක් කරන්න ගත්ත තීරණය අනුව තමයි මේ පරිත්‍යාගයන් සිදුකලේ.
එයින් ඇත්තටම අපි දෙන්නට උත්සවයක් ගත්තට වඩා වැඩි සතුටක් ලබන්නට හැකි උනා.” යැයි දර්ශණ කුමාර මහතා පැවසීය.
Discussion about this post