in , ,

Coronavirus :කොරෝනා වැළඳී මියගිය හෙද නිවුන් සොහොයුරියෝ [VIDEO]

කොරෝනා හෙදියෝ

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ළමා හෙදියක් වන කැතී ඩේවිස් පසුගිය අඟහරුවාදා දිනයේදී සවුත්හැම්ටන් රෝහලේදී කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ නිවුන් සහෝදරිය වන එමා ඉන් තුනකට පසුව සිකුරාදා දිනයේදී සවුත්හැම්ප්ටන් රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයද හිටපු හෙදියක් වෙයි ඔවුන් දෙදෙනාගේ සහෝදරියක් වන සෝයේ මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ

“ ඒ දෙන්නා හැම වෙලාවෙම කිව්වේ මේ ලෝකෙට ඔවුන් දෙන්නා ආවෙත් එකට ලොකයෙන් යන්නෙත් එකට කියලයි. ඔවුන් දෙදෙනා කොතරම් විශේෂයිද කියලා කියන්න වචන නෑ. ඔවුන් දෙදෙනාට අවශ්‍ය වුණේ හැමවෙලාවෙම අනුන්ට උදව් කරන්න. ඔවුන් බලාගත් රෝගීන් වෙනුවෙන් මේ දෙන්නා හැම දෙයක්ම දුන්නා.”

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොරෝනා වලට බයෙන් ලෝක නායකයෝ ආයුබෝවන් කිව්ව හැටි [VIDEO]

ලංකා ඉස්ලාමීය රාජ්‍යයේ නායක සිහිනය දුටු කවුද මේ කාත්තන්කුඩියේ සහරාන්