ලංකාවේ 49 සිට 53 වන කොරෝනා මරණ
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව,ශ්‍වසන අපහසුතා පවතින්නේ නම් 1390 ක්ෂණික දුරකතන අංකයට වහාම අමතන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනවා. 1390 ක්ෂණික දුරකතන අංකය අමතන පුද්ගලයාගේ රෝග තත්ත්වය අනුව අවශ්‍ය නම් රෝහලකට යොමු කිරීම , සුව සැරිය ගිලන් රථසේවාව ලබාදීම ආදිය සිදු කෙරෙනවා.
ලංකාවේ 46 වන කොරෝනා මරණය ; 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගොස් ඇත.මරණයට හේතුවී ඇත්තේ ලියුකේමියාව උත්සන්න වීම සහ ශ්වසන පද්ධතියේ ඇතිවූ සංකුලතායි. මිය යාමෙන් පසු සිදු කෙරූ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් 19 ආසාධිත බව තහවුරු වී ඇත.
ලංකාවේ 45 වන කොරෝනා මරණය ; 68 හැවිරිදි කාන්තාවක්
කොළඹ 10 ,මාලිගාවත්ත ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක්.
ලංකාවේ 43,44 වන කොරෝනා මරණ
1)කොළඹ 11 ,පදිංචි අවු 40 ක පිර්රිමි පුද්ගලයෙක්.කොළඹ ජාතික රෝහලට ඇතුල් කරන විටම මියගොස් ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකි.
2)කැලණියේ පදිංචි 45 ක පිරිමි පුද්ගලයෙක්.කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු 2020.11.01 දින සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය උත්සන්න වීම නිසා ඇතිවූ හෘදයාබාධයකි.
ලංකාවේ 42 වන කොරෝනා මරණය; 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
පානදුරේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පොලිස් රෝහලට ඇතුලත් කරන විට මියගොස් ඇත.
ලංකාවේ 41 වන කොරෝනා මරණය; 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
නිවසේදී මියගොස් ඇති අතර,රාගම රෝහලේදී කෙරූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාධිතයෙක් බව තහවුරු වී ඇත.
ලංකාවේ 37,38,39,40 වන කොරෝනා මරණ 4
1) 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.රාජගිරියේ වැඩිහිටි නිවාසෙක සිටි ඔහුව 2020.11.07 කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.මරණයට ආසන්නම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්වයයි.
2)කොළඹ 10 පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.2020.10.23 කොළඹ ජාතික රෝහලට ඇතුල් කිරීමෙන් පසුව මියගොස් ඇත.මරණයට හේතුව කොවිඩ් 19 හේතුවෙන් ශ්වසන පද්ධතියේ ආසාදනයක්.
3)ගම්පහ,උඩුගම්පල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්.ගමපහ දිස්ත්‍රික් රෝහලට 2020.11.09 දින ඇතුල් කිරීමෙන් පසුව මියගොස් ඇත.මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්වයයි.
4)අවු 55-60 ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක්.පශ්චාත් මරණ පරිෂණයෙන් කොවිඩ් 19 අසාදිත බව තහවුරු වී ඇත.
ලංකාවේ 36 වන කොරෝනා මරණය ; 84 හැවිරිදි කාන්තාවක්
කඳාන ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට IDH රෝහලකට මාරු කිරීමෙන් පසුව රෝහලේදී මියගොස් ඇත.දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඇය මිය යාමට ආසන්න හේතුව ලෙස කොවිඩ් නියුමෝනියා තත්වය තහවුරු කර ඇත.
ලංකාවේ 35 වන කොරෝනා මරණය ; 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්(නොවැ 8)
තවත් කොරෝනා මරණ 4 ; ලංකාවේ කොරෝනා මරණ 34 දක්වා ඉහලට
ලංකාවේ 30 වන කොරෝනා මරණය ; 23 හැවිරිදි තරුණයෙක්
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබේ.දියවැඩියාව හේතුවෙන් ඇතිව ඇති සංකූලතා සමග කොවිඩ් වෛරසය ආසාදනය වීම මෙම මරණයට හේතුව වී තිබෙ.
ලංකාවේ 25,26,27,28,29 වන කොරෝනා මරණ 5ක්
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබේ.දියවැඩියාව හේතුවෙන් ඇතිව ඇති සංකූලතා සමග කොවිඩ් වෛරසය ආසාදනය වීම මෙම මරණයට හේතුව වී තිබෙ.
තවත් කොරෝනා මරණ 2 ක් ; කොරෝනා මරණ 23 දක්වා ඉහලට
කොටහේනේ 68 හැවිරිදි කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් හි 61 හැවිරිදි කාන්තාවක්.
ලංකාවේ 21 වන කොරෝනා මරණය ; 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
කඩවත-මහර ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙසේ වැලිසර ලය රෝහලේදී මියගොස් ඇත.
ලංකාවේ 20 වන කොරෝනා මරණය ; 54 හැවිරිදි කාන්තාවක්
කොළඹ ජාතික රෝහලේදී 20 වන කොරෝනා මරණය සිදුව තිබේ.54 හැවිරිදි ඇය කොළඹ 12 ප්‍රදේශයේ ජිවත් වූ කාන්තාවක්.
ලංකාවේ 17,18,19 කොරෝනා මරණ 3 ම එකම දිනයක
ඔක්.27 දින කොළඹ IDH රෝහලේදී 17 වන කොරෝනා මරණය සිදුව තිබේ.41 හැවිරිදි ඔහු ජාඇල ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.
18 සහ 19 වන මරණ ලෙස කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයක් සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙක් ලෙස වාර්තා වේ.
ලංකාවේ 16 වන කොරෝනා මරණය – 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
ඔක්.25 උදෑසන කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පුද්ගලයෙක්. ඔක්. 23 ඔහු රුධිරයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් ඇතිවූ සංකුලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුල් වී ඇත.එම කොවිඩ් ආසාදිත රෝගියා මියගොස් ඇත්තේද අදාල සංකුලතා හේතුවෙන්.
ලංකාවේ 15 වන කොරෝනා මරණය – 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
මෙලෙස ඔක්.24 උදෑසන මිය ගොස් ඇත්තේ කුලියාපිටිය,ඌරලිය,කිතලව ප්‍රදේශයේ පුද්ගලයෙක්.කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි. හෘදයාබාධ,වකුගඩු යන රෝගී තත්ව වලින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා ඔක්.14 රෝහලට ඇතුළත් කර තිබේ.පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.
ලංකාවේ 14 වන කොරෝනා මරණය – 50 හැවිරිදි කාන්තාවක්
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ඔක් 17 වෙනිදා කුලියාපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරු කොට ඒවා තිබු අතර එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලී ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ලංකාවේ 13 වන කොරෝනා මරණය – පිරිමි පුද්ගලයෙක්
මිය ගොස්(සැප්.14) ඇත්තේ නාවිකයෙකු ලෙස කටයුතු කල බහරේන් සිට පැමිණි අයෙක්.ලංකාවට පැමිණ කෙරූ PCR පරීක්ෂණය negative වුවද පසුව ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් සැප්.9 දින හලාවත රෝහලට ඇතුල් කෙරූ පසු කල පරීක්ෂණයෙන් positive වී ඇත.මරණයට ආසන්නම හේතුව හෘදයාබාධයක් ලෙස හඳුනා ගෙන ඇත.
ලංකාවේ 12 වන කොරෝනා මරණය – 47 හැවිරිදි කාන්තාවක්
ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් අගෝ.21 මධ්‍යම රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.පිළිකා ,අධික රුධිර පීඩනය සහ දියවැඩියා තත්වයෙන්ද ඇය පෙලී තිබේ.
ලංකාවේ 11 වන කොරෝනා මරණය – 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
ලංකාවේ 11 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ. එම පුද්ගලයාද කුවේටයේ සිට ලංකාවට පැමිණිකණ්ඩායමේම සිටි අයෙකි.45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන ඔහුගේ මරණය අද(ජූනි 1)උදෑසන වාර්තා වී තිබේ.කොරෝනා පරීක්ෂණයෙන් ධනාත්මක වීමෙන් පසු හෝමාගම මූලික රෝලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.
ලංකාවේ 10 වන කොරෝනා මරණය – 52 හැවිරිදි කාන්තාවක්
ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ. කුවේටයේ සිටි පැමිණි 51 හැවිරිදි පයාගල පදිංචි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.ඇය ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් නිරෝධාන මධ්‍යස්ථනයේ නිරෝධානයට ලක්වෙමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගියෙක් බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.අදාළ කාන්තාව හෘද රෝගයෙන්ද පෙලී තිබෙනවා.එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ලංකාවේ 9 වන කොරෝනා මරණය – 52 හැවිරිදි කාන්තාවක්
ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබෙනවා.52 හැවිරිදි කාන්තාවක් වන ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක්.කොළඹ IDH උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක්.
ලංකාවේ 8 වන කොරෝනා මරණය – 72 හැවිරිදි කාන්තාවක්
ශ්‍රී ලංකාවේ අටවැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
ලංකාවේ 7 වන කොරෝනා මරණය – 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
ලංකාවේ 7 වැනි කොරෝනා මරණය අප්‍රේල් 8 පස්වරුවේ වාර්තා වනවා.කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබෙනවා.ඔහු ගල්කිස්සේ පදිංචි කරුවෙක්.
ලංකාවේ 6 වන කොරෝනා මරණය – 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
ලංකාවේ 6 වැනි කොරෝනා මරණය අද දින(අප්‍රේල් 6) වාර්තා වනවා.කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබෙනවා..ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුදාන භූමියේ දී අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ලංකාවේ 5 වන කොරෝනා මරණය – ඉතාලියේ සිට පැමිණි අයෙක්
ලංකාවේ 5 වැනි කොරෝනා මරණය වාර්තා වනවා.වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබෙනවා.ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක්.මොහුට වෙනත් අසනීප තත්වයක් තිබී නැහැ.මින් පෙර මිය ගිය කොවිඩ් රෝගීන් හට වෙනත් අසනීප තිබුණි.
ඔහු 23 දා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර 26 දා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ලංකාවේ 4 වන කොරෝනා මරණය – 58 හැවිරිදි පුද්ගලයෙක්
අප්‍රේල් 2 රාත්‍රියේ ලංකාවේ 4 වැනි කොරෝනා මරණය වාර්තා විය.නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.මියගිය තැනැත්තා 58 හැවිරිදි වියේ පසුවන්නකු වූ අතර IDH රෝහලේදී මියගිය ගොස් තිබුණි.
ලංකාවේ 3 වන කොරෝනා මරණය – මරදානේ පුද්ගලයෙක්
ලංකාවේ 3 වන කොරෝනා මරණය ඊයේ (අප්‍රේල් 1) රාත්‍රී 11.30 ට පමණ වාර්තා වුනා.මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මරදාන ප්‍රදේශයේ තට්ටු නිවාසයකින් මෙම කොරෝනා රෝගියාව හමුවී තිබිණ.මෙම තැනැත්තාගේ බෑනා එනම් දියණියගේ සැමියා විදෙස්ගතව පැමිණි පුද්ගලයෙකු විය.කොරෝනා ආසාදනයේ අවසන් අවස්ථාවේදී ඔහු රෝහල් ගතවිය.බෑනාට කොරෝනා ඇති බව හඳුනාගෙන නැති නමුත් වැඩිහිටියාට රෝගය ඇති බව අද දැනගත් පසු ඔහු බිරිය හා කුඩා දරුවාද පරීක්ෂණය පිණිස රැගෙන ගොස් ඇත.මෙම නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ඊයේ රාත්‍රියේ දැනුම් දී තිබුණ අතරවාරයේ IDH රෝහලේදී වැඩිහිටියාගේ මරණය වාර්තා විය.
ලංකාවේ 2 වන කොරෝනා මරණය – මීගමුවේ 64 හැවිරිදි පුද්ගලයෙක්
කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් මාර්තු 30 වාර්තාවී තිබුනේ එම තැනැත්තාට කොරෝනා ඇති බවට හදුනාගෙන පැය කිහිපයක් තුළදීය.
මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.
හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මුලින්ම මීගමුවේ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති ඔහු පසුව මීගමුව මූලික රෝහලට ඇතුළත් ව ඇති අතර වෛද්‍ය පරීක්ෂාවේදී සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් කොරෝනා පරීක්ෂාවකට යොමු කර ඇති අතර පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.මීගමුව දිස්ත්‍රික් රොහලේ කොරෝනා ආසාදිතයින් ලෙස සැකයට වෛද්‍ය අධික්ෂණයේ 4 දෙනෙකු සිටි බවට වාර්තාවී තිබුණ අතර මෙම තැනැත්තා එම සැකය මත IDH රෝහලට යවන්නට පෙරම මියගොස් තිබේ.
ලංකාවේ පළමු කොරෝනා මරණය – පුත්තලමේ 60 හැවිරිදි පුද්ගලයෙක්
නව කොරෝනා වෛරසය සම්බන්ධ ලංකාවේ පළමු මරණය සිදුව තිබෙන බව කණගාටුවෙන් වුවත් වාර්තා කිරීමට සිදුව තිබෙනවා.කොළඹ අයි.ඩී.එච්. රෝහලේ(අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ) ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 60ක් වන පුත්තලමේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මාර්තු 28 පස්වරුවේ මියගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
මොහු වසර කිහිපයට පෙර වකුගඩු බද්ධ කිරීමට ලක්ව ඇති බවත් ඔහුට දියවැඩියාව හා අධිකර රුධිර පීඩනය ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Discussion about this post