ඉන්දියාව විසින් අභ්‍යවකාශ ගත කරන ලද ‘චන්ද්‍රයන් 3’ යානය සඳ මත ගොඩ බැස තිබේ.ඒ අනුව මෙම අවස්ථාව සද මත යානයක් ගොඩබැස්සවූ හතරවන අවස්ථාව ලෙස ඉතිහාස ගත වෙනවා.සඳෙහි දක්‍ෂිණ ධ‍්‍රැවයට ගොඩබසින ලද පළමු අභ්‍යවකාශ යානාව මෙයයි.ඉන්දීය වෙලාවෙන් අගෝ 23 සවස 06.04ටයි එය සඳ මතට ගොඩ බැස තිබෙන්නේ.ඉන්දියාව මීට පෙර ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද ‘වික්‍රම්’ නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි.
