Thursday, January 21, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
0
business-family-buddhism
0
SHARES
15
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

“අපි මේ ගමන යනවට ගමේ බොහොමයක් කැමති නැහැ.”
“දුවයි පුතයි ඉදිරියේදී සසුනට සමු දුන්නොත් ඒ අයට යන්න ගෙදරක් නැති වෙයි, කිව්වා…”

තවත් බැලිය යුතු ඒවා ...

kalapola

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
15
මංජු තේනුවර manju thenuwara

සිරස TV නිවේදක මංජු තේනුවර පැවිදි දිවියට පත්වීමේ මහා පිංකම[VIDEO]

June 8, 2020
2.1k

පොල්පිතිගම ප්‍රදේශයේ තරුණ අඹුසැමි යුවළක් තමන් ඉපැයූ සියලු ධනය අතහැර දියණිය හා පුතා ද කැටුව පැවිදි වීම සඳහා ජන  01 දා නිවසින් නික්ම ගියා.

පොල්පිතිගම නගරයේ නාගොල්ල පන්සල පාරේ පදිංචි එස්. ඒ. ගාමිණි කුමාරසිංහ (අවු. 38) හා ඔහුගේ බිරිඳ ඒ. එම්. සමුද්‍රා කුමාරි අත්තනායක (අවු. 38) අවුරුදු 16ක් වයසැති එස්. ඒ. කවිශ්කා සංජනි දියණිය හා අවුරුදු 13ක් වයස එස්. ඒ. සදීප කෞශල්‍ය ධනංජය නම් පුතා යන සිව් දෙනා ඔවුන් වාසය කළ නිවසට සමු දී මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය බලා මෙසේ ඊයේ පිටත් ව ගියා.

යමෙකු පැවිදි දිවියට ඇතුළත් වීමට මත්තෙන් වෙහෙර විහාරස්ථානල රැඳී අනගාරික බ්‍රහ්මචාරී දිවි පෙවතක් ගත කළ යුතු අතර ඒ තුළින් භික්ෂුවකට ගැළපෙන ඇවතුම් පැවතුම් සිරිත් විරිත් ආදිය සඳහා පෙරහුරුවක් ලබා ගත යුතුයි.

ඒ අනුව එම සිව් දෙනාම පවුලේ අයද කැටුව ජනවාරි 1 පෙරවරුවේ මැල්සිරිපුර පන්සියගම ඓතිහාසික නා උයන ආරණ්‍ය සේනාසනය වෙතට ගොස් අඟුල්ගමුවේ අරියනන්ද නා හිමියන් බැහැ දැක දැහැත් වට්ටියක් පිළිගන්වා තමන්ට සසුනට ඇතුළත් වීමට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියා.

එහිදී ඔවුන්ට හා කැටුව ගිය පවුලේ ඥාතීන්ට අනුශාසනාවක් කර සියලු දෙනාටම දහවල් ආහාරය පිරිනමා අනතුරුව පියා හා පුත්‍රයා එම සේනාසනයට බාර ගෙන මව හා දියණිය එම සීමාවේම පිහිටි ධම්මිකා මෙහිණි ආරණ්‍ය සේනාසනය වෙතට යැවීමට නා හිමියෝ පියවර ගත්තා.

අක්කර ගණනක පොල් වත්තක හිමිකරුවෙකු වන ගාමිණි කුමාරසිංහ මහතාගේ එම ගෙවත්තේ පැපොල් වගාවක් මෙන්ම සාර්ථක ඉඟුරු වගාවක් හා කහ වගාවක අස්වැන්න නෙළන්න ආසන්නව තිබෙනවා. ඒවායින් ලක්ෂ 45ක පමණ ආදායමක් ඉපයීමට හැකියාව ලැබෙනවා.

ඒ සියල්ලත් තම නිවසත් නීතිඥයින් ඉදිරිපිටදී පවුලේ ඥාතීන්ට නීත්‍යානූකූලව පවරා පොල්පිතිගම නගරයේ පවත්වගෙන ගිය පළතුරු කඩයටද සමුදී නික්ම යාමට ඔවුන්ට අවසන් හෝරාවේදී අවස්ථාව ලැබුණා.

“මගේ උපන්ගම පොල්පිතිගම ගල්ටැන් වැව. සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා මම. අම්මා තාත්තාතත් තවම ජීවතුන් අතර ඉන්නවා. අපි පවුලේ සියලු දෙනා සමඟියෙන් ජීවත් වෙනවා…” නිවසේ ගෘහ මූලිකයා වූ ගාමිණි කුමාරසිංහ මහතා එසේ සඳහන් කළා.

“මම මූලික අධ්‍යාපනය ගල්ටැන්වැව විදුහලේ දී ලබා වැඩිදුර අධ්‍යාපනයට පොල්පිතිගම පෙතියාගල පිරිවෙනට ඇතුළු වුණා. එහිදී අපොස සාමාන්‍ය පෙළත් උසස් පෙළත් සමත් වුණා. අමතරව දහම් පාසල් ධර්මාචාර්ය අවසන් විභාගයත් සමත් වුණා. කුඩා කාලයේ ඉඳන්ම ධර්මයට ලැදියි. මේ අතරේ ව්‍යාපාරික කටයුතුවලත් නිරත වුණා. පස්සෙ විවාහ වුණා. එයින් අපිට දුවෙකුත් පුතෙකුත් ඉන්නවා. දුවට දැන් අවුරුදු දාසයයි. ඇය මෙවර සා.පෙ. විභාගයට පෙනී සිටීමටයි ඉන්නේ. පුතාට අවුරුදු 13යි. එයා හත වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නවා. ඒ දෙන්නත් ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වුණා. දෙන්නම ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ…”

“අපි පවුලේ හතර දෙනාම නිතර තෙිහාසික නාගොල්ල පන්සලට ගියා. මහමෙව්නාවටත් ගියා. බෞද්ධ විනයවර්ධන සමිතියටත් ගියා. පස්සේ රේරුකානේ චන්දවිමල හිමියක් උඩුදුම්බර කාශ්‍යප හිමියක් වගේම නාඋයගේ අරියධම්ම හිමියන්ගේ ධර්ම පොත් කියව්වා. බිරිඳත් දරුවනුත් ඒ පොත්පත් කියව්වා. සසර ගමන දුකක් බියක් බවට වැටහුණා. ඒ අනුව අපි හතර දෙනාම සසර ගමන ගැන තේරුම් අරන් තමයි මේ සසුනට ඇතුළත් වෙන්න තීරණය කළේ..”

ඔහුගේ බිරිඳ සමුද්‍රා කුමාරි අත්තානයක,

“මගේ උපන්ගම දිවුලපිටියේ හුණුපිටිය. කැලෑමුල්ල විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළට වාණිජ කෙරුවා. රැකියාවට යන්න තිබුණා. ඒත් යන් නැතුව විවාහ වුණා. මහත්තයා විවාහ වෙන දිනයෙත් කිව්වා ඔයා බැන්ඳට මම කවදා මහණ වෙනවා කියලා. එදා මමත් හිනාවෙලා කිව්වා එහෙනම් එදාට මමත් එනවා කියලා. ඒක විහිළුවට කිව්වා කියා සිතුවාට ඒ සිහිනය වසර දහයකට පසුව දරුවෝත් එක්ක මෙලෙස හැබෑ වෙනවා දකින්න ලැබීම ඇත්තටම පෙර පිනක් ද කියලා හිතෙනවා…”

“අපි මේ ගමන යනවට ගමේ බොහොමයක් කැමති නැහැ. ඒ අය කිව්වේ ඔය දෙන්නට ගිහි ජීවිතේ කළකිරුණාට මේ ළමා වියේ දුවයි පුතයි ඉදිරියේදී සසුනට සමු දුන්නොත් ඒ අයට යන්න ගෙදරක් නැති වෙයි, ඒ අයට යන කල දශාව මොකද්ද ඒ නිසා ඔය ගමන දරුවන්ගේ කටයුතු නිම කරලා යන්න කියා අපි දැනුවත් කෙරුවා. නමුත් දරුවෝ දෙන්නා කීවා අපි එහෙම වෙන්නේ නැහැ මේ ගමන යමු කියා. ඒ අනුව තමයි අපි මේ ගමන යන්න තීරණය කෙරුවේ..”

ඒස්. ඒ. කවිශ්කා සංජනී දියණිය

“මමයි මල්ලියි දෙන්නම ශිෂ්‍යත්ව සමත් වුණා. මම මෙරව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියත් කොරෝනා නිසා ඒක ලියන්න බැරිවුණා. මල්ලි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ. අපි දෙන්නම ශිෂ්‍යත්වය සමත් නිසා ශිෂ්‍යත්ව ආධාර ලැබුණා. අපි ඒ මුදල් අරගෙන තිබුණේ නැහැ. පස්සෙ අම්මායි තාත්තයි එක්ක පාසලට ගිහින් අපි දෙන්නාගේම මුදල් පාසලේ දියුණුවට භාර දුන්නා. ඒ අනුව අපි සසර ගමනට කෙටි කරගන්න යනවා..” ඇය හැඬුම්බර වදන් අතරින් කීවා.

මොරගොල්ලාගම සිසිර කැලේගම
“ලංකාදීප පුවත්පත”

Related Posts

kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
0
15

...

Read more
මංජු තේනුවර manju thenuwara

සිරස TV නිවේදක මංජු තේනුවර පැවිදි දිවියට පත්වීමේ මහා පිංකම[VIDEO]

June 8, 2020
2.1k
wesak

වෙසක් පත් සහ සැරසිලි වලට වෙනත් ආගමික සංකේත එපා – බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්

May 7, 2020
88
rathana suthraya sinhala

රතන සූත්‍රය නිදාන කතාව සහ සිංහල තේරුම [පින්තූර මගින්]

March 22, 2020
259

සම්පූර්ණ ශ්‍රී සම්බුද්ධ චරිතය – ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය [VIDEO]

February 26, 2020
164
අරලියගහ මන්දිරය

2020 ජනවාරි පෝදා සිට විපක්ෂ නායක කාර්යාලේදී හැම පෝයටම බණ

January 11, 2020
30

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
298

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
51

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

teacher sex
18 Plus

45 ගුරුවරිය පුතාගෙ වයසෙ ළමයෙකුට ලිංගික අතවර කරලා

October 9, 2019
0
114

Read more
ඩොක්ටර් සාෆිත් නොදන්නා  විඤ්ඤාණය පැලෝපීය නාලෙට  එන හැටි 
18 Plus

ඩොක්ටර් සාෆිත් නොදන්නා,විඤ්ඤාණය පැලෝපීය නාලෙට එන හැටි [VIDEO]

June 29, 2019
24
18 Plus

? හිරුණිකා + රංජන් 3 වෙනි හඬපටය මෙන්න ; අසභ්‍ය කතා කෝටියයි ??‍♀️?‍♂️?

January 18, 2020
28
sexedlk problems
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 7

March 21, 2020
133
salli saban pena
18 Plus

සල්ලි සබන් පෙන – වැව ළඟ අයියාගේ වීඩියෝව [Funny VIDEO]

July 17, 2019
68
bipolar depression sinhala
18 Plus

අධික දුක සහ ලිංගික සිතුවිලි ගලා එන ද්වී ධ්‍රැවීය ආබාධය ගැන සිංහලෙන්

September 21, 2019
159
jodu maru
18 Plus

ජෝඩු මාරු – ලංකාවේ අලුත්ම ලිංගික ජාවාරමේ තතු මෙන්න

April 12, 2017
107
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0
  • සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

    1 shares
    Share 1 Tweet 0

අලුත්ම පුවත්

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
15
Uncategorized

January 6, 2021
6
kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
15
covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
38

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

maladivain buddhist

මාලදිවයින් සිංහල බෞද්ධයන්ගේ ඉරණම – pdf එක මෙතැනින්

July 7, 2017
51
anwer manathunga අන්වර් මනතුංග

අන්වර් මනතුංග බුදු දහම ගැන ඇසූ ප්‍රශ්න 10 සහ ලැබුණු උත්තර 10 මෙන්න [VIDEO]

May 6, 2019
148
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist