in ,

බස් රියදුරුගේ වරදින් වූ අනතුරක් [VIDEO]

bus accident

අද දින (ජූලි 15) උදෑසන ඇල්ල පොලිස් වසමේ දෙමෝදර ප්‍රදේශයේදී තවත් බස් රථ අනතුරක් සිදුවිය. රියදුරාගේ නොහික්මුනු රිය ධාවනය අනතුරට හේතු වී ඇත.
අධික වේගයෙන් වැරදි මංතීරුවේ වංගුව පසු කිරීමට උත්සහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා ලොරි රථයක බස් රථය ගැටීමට ගොස් ඇති අතර එහිදී එම අනතුර වළක්වා ගැනීමට බස් රථයේ රියදුරු විසින් කළ උත්සාහයේදී පාලනයෙන් තොර වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලැබූ මගීන් 21 ක් දෙනෙකු මේ වන විට බදුල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

– police media

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොළඹ පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත වෙයි [VIDEO]

sri sambudda raja wadim fathima

ෆාතිමාගේ හඬින් කිව්ව “ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්” [VIDEO]