in

26 හැවිරිදි විවාහක ගුරුවරිය බාලවයස්කාර සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කරලා

hot teacher

45 හැවිරිදි ගුරුවරියක් තම පුතුගේ වයසේ සිසුවෙකුට සිදු කෙරූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වූ පුවතක් ආකාරයේ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්‍ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක් මේ මැයි මස 22 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙසට හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ හිඟුරක්ගොඩ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවකි. මෙම ගුරුවරිය තමන් සේවය කරන පාසලේ ඉගෙනුම ලබන බාල වයස්කාර පිරිමි දරුවෙකු මාපිය බාරකාරත්වයෙන් බැහැරව අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක්  සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇතැයිද මෙම පිරිමි දරුවා මාතලේ ප‍්‍රදේශයට රැුගෙන ගොස් රහසිගතව නිවෙසක සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කලේය.

වින්දිත පාසල් සිසුවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙස පොලීසියට නියෝග කලේය.

හිඟුරක්ගොඩ පොලීසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති,ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඉන්දික, පො.සැ.(50467) ඩබ්ලිව්.ඞී.නන්දනසිරි යන මහත්වරුන් විසින් සැකකාර ගුරුවරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

-දිවයින

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Youtube සහ Tik Tok සටන ඉන්දියාවෙන් ඇරඹෙයි ;ටික්ටොක් ratings කරවයි

“සුදූ,ඔයා හෙට වැඩට එන්න” තරුණියක් දුම්රියෙන් වැඩට යන්න පෙම්වතා එවූ පණිවිඩය පෙන්වලා