in

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාගත ආදායමක් උපයලා | Sri Lanka Cricket

 sri lanka cricket

2022 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව සිටින බව එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්ෂයක් තුළදී උපයා ගත් වැඩිම ශුද්ධ ලාභය ලෙසින්ද සටහන් වන බවද මෙය 2021 වර්ෂයේ උපයා ගත් රුපියල් බිලියන 2.1 ක ශුද්ද ලාභයට වඩා තුන් ගුණයක වැඩි වීමක් ලෙසින් සටහන් වන බවද එම නිවේදනයේ දැක්වේ.

ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සාමාජික ගෙවීම් ගාස්තු යන ආදායම් වලින් ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය මෙම ශුද්ධ ලාභය උපයාගැනීමට සමත්ව තිබෙන බව ද ඔවුහු සඳහන් කර සිටිති.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට්

අදාළ වර්ෂය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙරටදී මෙන්ම විදෙස් රටවලදී සහභාගි වන ජාත්‍යන්තර තරගාවලි, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ, සහ කනිෂ්ඨ කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම් වල සංචාර වියදම් සඳහා රුපියල් බිලියන 4.2 ක මුදලක් ආයෝජනය කළේය.

දේශීය ක්‍රිකට්

නිමාවට පත් වුණු 2022 වසරේදී දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම ඇතුළු දේශීය ක්‍රිකට් තරගාවලි පැවැත්වීම, ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යෑමට, දේශීය ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ මුදල් ගෙවීම් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 2.27 ක මුදලක් යොදවන ලදී.

සංවර්ධනය

දිස්ත්‍රික් සහ පළාත් සංගම් යටතේ කළමනාකරණය කරනු ලබන ක්‍රීඩාංගණවල පරිපාලන සහ නඩත්තු කටයුතු සහ දිස්ත්‍රික්ක සහ පළාත් සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල පරිපාලන කටයුතු සඳහා රුපියල් මිලියන 599 ක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී පියවර ගත්තේය.

සමාජ සත්කාරක ප්‍රදාන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාජයේ වගකීම පිළිබඳව අවධානය යොමු කරමින් සමාජ සත්කාරක කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දීමට ගෙවී ගිය වසරේදී පියවර ගෙන තිබේ. එහිදී මහරගම අපේක්ෂා රෝහලට සහ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබා දෙන ලද ප්‍රදානයද ඇතුළත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් මිලියන 900 ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය. ඊට අමතරව රුපියල් මිලියන 278 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දෙද්දී මහනුවර ගංගාරාම රජමහා විහාරයේ ප්‍රතික්සංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

තාත්තා මරපු පලිය ගන්නලු ,Bio Science කරපු මන්දිනු ගෝඩ් ෆාදර් කෙනෙක් වුණේ

මළ හු–ක්නේ මේ ගෑණි | අධ්‍යාපන ඇමති සුසිල් මන්ත‍්‍රීනී රෝහිණීට පාර්ලිමේන්තුවේදී තිත්ත කුණුහරුපෙන් අමතලා – VIDEO