in , ,

2020 මහමැතිවරණයෙන් දිනපු – පැරදුනු කලාකරුවන් මෙන්න

atress sri lanka parliament

මෙවර 2020 මහ මැතිවරණයට විවිධ දේශපාලන පක්‍ෂවලින් කලාකරුවන් හා කලාකාරිණියන් දහදෙනකු තරග කළ අතර ඔවුන් අතුරින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සිවුදෙනකු පමණි.තරඟ කළ කලාකරුවන් අතුරින් මනාප වැඩියෙන්ම ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාය.

උද්දික ප්‍රේමරත්න මහතා මනාප 133,350 ක් ලබාගත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ අපේක්ෂකයින් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගනිමිනි. දෙවැනියට වැඩිම මනාප ලබාගත් කලාකරුවා වන්නේ සමඟි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාය. ඔහු මනාප 103,992 ක් ලබාගත්තේ එම පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රාහකයන් අතර දෙවැනියා බවට පත්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවන් අතර කලාකරුවන් තවත් දෙදෙනකු සිටින අතර ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය හා රංගන ශිල්පී පියල් නිශාන්ත(ගුරුවරයෙක්ද වේ) මහතාය.

ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 63,358 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ පියල් නිශාන්ත ද සිල්වා මහතා මනාප 103,904 ක් ලබාගනිමින්.කළුතර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන් අතර සිවුවැනි ස්ථානය ද ලබා සිටී.

ඔවුන් හැර තරඟ කළ සියලු කලාකරු අපේක්‍ෂකයන් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ මධුමාධව අරවින්ද (මනාප 28,412), බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ ඕෂධී හේවාමද්දුම (මනාප 10,957) යන දෙදෙනා ද ඒ අතර වෙති. සමඟි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ චිත්‍රපට රංගන ශිල්පියකු ද වන සුජීව සේනසිංහ (මනාප ඡන්ද 30,572) කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ ගායන හා සංගීත ශිල්පී රූකාන්ත ගුණතිලක (මනාප 26,088) සහ කළුතර දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් කුමාරනායක (මනාප 9836) යන මහත්වරු ද මැතිවරණයෙන් පරාජයට පත්වූහ.

නාමල් සේනසිංහ නිෂ්පාදනය කෙරූ “යහළුවෝ” චිත්‍රපටියේ සුජීව සේනසිංහ පූජා උමාශංකර් සමග ප්‍රධාන චරිතය රඟපාන ලදී. එහි අධ්‍යක්ෂණය සුමිත්‍රා පිරිස් විසිනි.
එම සම්පූර්ණ චිත්‍රපටිය පහලින් බැලිය හැක.

ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ විමල් කැටිපෙආරච්චි (මනාප 12,913) මහතා ද පරාජයට පත්වූ කලාකරුවන් අතර වෙයි. මිට අමතරව ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ජාතික ලැයිස්තුවේ ද කලාකරුවන් නම්කර තිබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් රංගන ශිල්පී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇත.

මීට අමතරව සමගි ජන බලයෙන් රංගන ශිල්පිනී ඩයනා ගමගේ සහ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සංගීතවේදී නදීක ගුරුගේ, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, ජගත් මනුවණ යන කලාකරුවෝද නම් කරනු ලැබ සිටියහ. එම පක්ෂ දෙකෙන් ජාතික ලැයිස්තු ධුර ලබාදෙන අපේක්‍ෂකයන් කවුරුන්ද යන්න ඊයේ (9) සවස් වන තුරුත් නම් කර නොතිබිණි.

-ඩයනා උදයංගනී-

ITN නාලිකාවේ මාධ්‍යවේදියෙකු ලෙස වසර ගණනක් සේවය කෙරූ සංජිව තරඟ වැදුනේ පොදු ජන පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයෙනි.ඔහු ජයග්‍රහණය කරන ලදී.  

Sujeewa Senasinghe Starring “Yahaluwo” Sinhala Film – “යහළුවෝ” සිංහල චිත්‍රපටය
(සම්පූර්ණ චිත්‍රපටිය වීඩියෝ 4 කින් සමන්විතය)

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නව පාර්ලිමේන්තුවේ පිය – පුතු ,ඥාති හිතවතුන් මෙන්න

අලුත් ආණ්ඩුවේ නව අමාත්‍යාංශ ව්‍යුහය මෙන්න ;අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ : අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යධුර 40ක්