2019 වසරේදී ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත.
2018 වසරේ ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් 138 ක් වූ අතර 2019 වන විට එය කිලෝග්‍රෑම් 11 කින් වැඩි වී තිබේ.
මේ අතර 2018 දී ඒකපුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝග්‍රෑම් 60 ක් වූ අතර 2019 දී එය කිලෝග්‍රෑම් හතකින් (07) අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
