පසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලට අනුව ජීව විද්‍යා අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවු වැනි හා පස් වැනි ස්ථානය හිමි කරගත් නිවුන් ශිෂ්‍යයන් දෙදෙනාගෙන් වැඩි මහල් ශිෂ්‍යයා ඊයේ (09දා) දහවල් කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල් පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, කෑගල්ල බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කෑගලු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ එච්.එම් ඉසුරු හේෂාන් මනතුංග (අවු.20) නමැත්තෙකි.

මිය ගොස් ඇති ශිෂ්‍යයාගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහුගේ මව කෑගල්ල හෙට්ටිමුල්ල නව මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය.
2016 වර්ෂයේ පැවති සමාන්‍ය පෙළ විභාගයට නිවුන් ශිෂ්‍යයන් දෙදෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට විෂයන් නවයටම ඒ සමාර්ථ නවයක් ලබාගෙන ජීව විද්‍යා අංශයෙන් 2019 වර්ෂයේ අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයෙන් පෙනී සිට මිය ගිය ශිෂ්‍යයා එහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ සිවුවැනි ස්ථානයත් ඔහුගේ සහෝදරයා පස් වැනි ස්ථානයත් ලබාගෙන ඉහළින් සමත්ව තිබුණි.
මෙම ශිෂ්‍යයන් දෙදෙනාගෙන් හදිසියේම ඉසුරු හේෂාන් මනතුංග ශිෂ්‍යයා පසුගිය මැයි 24 දා සවස හුස්ම ගැනීමේ අපහසුතාවකින් පසුව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (09දා) දහවල් ජීවිතක්ෂයට පත්විය.
මිය ශිෂ්‍යයාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ 09 දා සවස කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය විසින් සිදුකිරීමට නියමිතව තිබුණි.
කලක සිට නිව්මෝනියා රෝගයෙන් පෙළුණු ඔහු මියයන විට පේරාදෙණිය වෛද්‍ය පීඨයට ද සුදුසුකම් ලබා සිටියේය.කෑගල්ල පොදු සුසාන භූමියේ දී අද(10) සවස 6 ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.