in , ,

ෆේස්බුක් සටහනකට උරණවූ බැංගලෝර් මුස්ලිම් පිරිසක් වාහන ගිනි තියලා ;3 ක් මරුට

muslims facebook

 

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මහත් කලබලයක් ඇති වී තිබෙන අතර පොලිසිය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් අගෝ.12 පස්වරු වනවිට පුද්ගලයන් තිදෙනකුට ජීවිත අහිමි වී තිබිණි.මුස්ලිම් ජාතිකයන් කෝප ගැන්වෙන අයුරින් දැමූ ෆේස්බුක් සටහනක් මීට හේතුවී තිබෙනවා.

මහම්මද්තුමා සම්න්ධයෙන් දැමූ ෆේස්බුක් සටහනක් මෙම නොසන්සුන්තාවට හේතු වී තිබෙන අතර කෝපයට පත් පිරිසක් පොලිස් ස්ථානයකට සහ දේශපාලනඥයකුගේ නිවසකට ද පහර දී ඇත. කෝපයට පත් පිරිස් වාහනවලට ද ගිනි තබා තිබූ අතර විදෙස් පුවත් සේවා ගිනිගෙන දැවුණු වාහනවල ඡායාරූප ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයේ මෙම සිදුවීම වූ ප්‍රදේශයේ වැඩි දෙනා මුස්ලිම් ජාතිකයන් ය. විරෝධතාකරුවන් පාලනය කරගැනීම සඳහා පොලීසිය බැටන් පොලුවලින් පහර දී ඇති අතර කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇත. එසේ වුවද විරෝධතාකරුවන් පාලනය කරගැනීමට බැරි වූ තැන පොලිසිය වෙඩි තබා ඇතැයි ද වාර්තා විය.

‘‘ප්‍රජාවේ වැඩිහිටියන් කලහකාරී තරුණ පිරිස සමාදාන කරන්න උත්සාහ කළා. එහෙත් ප්‍රචණ්ඩකාරී පිරිස් මාර්ගවල තිබූ වාහනවලට ගිනි තැබුවා. පොලිස් ස්ථානයකටත් පහර දුන්නා’’ යැයි පොලිස් කොමසාරිස් කමල් පාන්ට් පැවැසීය.

‘‘පොලිසියට වෙන විකල්පයක් තිබුණේ නැහැ. පොලිසියට වෙඩි තබන්න වුණා. වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්වුණා’’ යැයි පාන්ට් කීය. පොලිසියට පහර දීම සහ ප්‍රචණ්ඩකාරීව හැසිරීම යන චෝදනාවලට පුද්ගලයන් 110 දෙනකු අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය.

නීති විරෝධී ඒකරාශිවීම් තහනම් කරමින් හදිසි නීතියක් ක්‍රියාත්මක කළ බව ද පොලිසිය සඳහන් කළේය. බැංගලෝරයේ මිලියන 12කට ආසන්න පිරිසක් ජීවත්වන අතර, බැංගලෝරය ඉන්දියාවේ ‘සිලිකන් වැලි’ යනුවෙන් ද හැඳින්වේ.

ෆේස්බුක් සටහන දැමූ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි අදාළ ෆේස්බුක් සටහන ඉවත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම ඊයේ පස්වරු වනතුරු කිසිඳු ප්‍රකාශයක් කර නොතිබිණි.

 

 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

තාත්තයි,අම්මයි,ආච්චියි, පුතයි එකට බීලා ;පවුලේ සාදය දුරදිග ගොස් පුතා අතින් පියා මරුට

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න