හොර පොල් කඩා
අන්තිමේදී කුලියත් ඉල්ලූ හොරා
සියනෑවේ ගම්මානයකින් වාර්තා වුනේ අමුතු කතාවකි.එනම් හොරෙන් පොල් කඩා අයිතිකරුට අසුවීමෙන් පසු සමාව
ඉල්ලා සමාව ලැබුණු පසු ගස් දෙකක පොල් කැඩීම සඳහා කුලිය දෙන්නැයි ඉල්ලූ සොරෙකු පිළිබඳවයි.
ප්‍රදේශයේ පොල් වත්තකි. නිතර සොරකමට පුරුදු අයකු හිමිදිරියේම හොරාට පොල් කඩන්නට ගියේ අයිතිකරු එන්නට පෙරය. මේ දිනවල පවතින පොල් හිඟයත් මිල ඉහළ යාමත් නිසා ඔහු හොර පොල් කැඩීමේ නිරත වූයේය. ගස් දෙකක පොල් කැඩූ ඔහු තවත් ගසකට නගින්නට සූදානම් වෙද්දී එහි ආ අයිතිකරුට අසුවිය. ගස් දෙකෙන් කඩාගත් පොල් ගෙඩි කිහිපය පැත්තක තිබිණි.

කර කියාගත හැකි දෙයක් නොවූ සොරා බේරෙන මගක් සොයා ගනු පිණිස අයිතිකරු හමුවේ වැඳ වැටුණේ ය. ජීවත්වෙන්නට මඟක් නැති කමත් ලෙඩදුක් කරදර නිසාත් වැරැදි වැඬේ කළ බව ඔහු කීය. හොර පොල් කැඩූ අය සමාව ඉල්ලද්දී හිත උණූවූ ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙකක්ද දී යාමට ඉඩ දුන්නේ නැවත මෙවැනි වැරැදි නොකරන ලෙසට අවවාදයක්ද කරමිනි.
පොල් ගෙඩි දෙක අතට ගත් ඔහු ‘මහත්තයා පොල් කැඩූ ගස්වලට කුලිය දෙන්න’ බැරිදැයි විමසීය. අයිතිකරු හොඳ කුලියක් දෙන්නම් කියා වටපිට බලද්දී අතට ගත් පොල් ගෙඩි දෙකත් බිම දමා හොරා පලාගියේ ගුටි නොකා බේරෙන්නටය.
-මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි