පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමගින් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු
කල මෙහෙයුමකදී 48 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදීයී.
දකුණු අප්‍රිකාව බලා යෑමට සුදානම්ව සිටි ඔහු ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය ඉරු දිනයි.
අත්අඩංගුවට පත් සැකකරුව අද දින(ජූලි 11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය අපේක්ෂා කරනවා.
