සොෆ්ට්ලොජික් අශෝක්ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මුල් පුටුවට
සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා සේම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කරනු ලැබ ඇත.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙන අතර මේ අනුව දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේ මහතාගේ පත්වීම බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වේ.
ඔහු යටතේ මේ වන විට ක්‍රියාත්මක සමාගම් සංඛ්‍යාව 50 ඉක්මවනු ලබන අතර 11,000කට අධික කාර්ය මණ්ඩලයක් ඒවායේ සේවයේ නිරත වේ. සිල්ලර වෙළෙඳ ව්‍යාපාර, විලාසිතා, සෞඛ්‍ය, මූල්‍ය, තොරතුරු තාක්ෂණ, විවේකාස්වාද, රක්ෂණ, රථවාහන යන අංශයන් හි අශෝක් පතිරගේ මහතාගේ ව්‍යාපාර විහිදී පවතී.

මෙරට ප්‍රමුඛතම ආරෝග්‍යශාලා ජාලයක් වන ආසිරි රෝහල් සමූහය, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් වන Softlogic Capital PLC, Softlogic Finance PLC, රක්ෂණ ක්ෂේත්‍රයේ Softlogic Life Insurance PLC, විලාසිතා අංශයේ දැවැන්ත සමාගමක් වන ඔඩෙල්, ඒ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සමාගම් කිහිපයකි.
මේ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 7 ක නායකත්වය ඔහු සතුය. මීට අමතරව NDB බැංකුවේ උප සභාපතිවරයා වන ඔහු NDB Capital Holdings හි සභාපතිවරයා ද වේ.
දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම තත්වයෙන් ගලවා ගැනීම නව සභාපතිවරයාට පැවරෙන ප‍්‍රමුඛ කාර්යයක් වෙයි.
https://bit.ly/2M7FQ6a