in ,

සුනඛයෙකු වෙනුවෙන් පැවති අවමංගල උත්සවය

dog funeral

සුරතලයට නිවසේ ඇති කළ සුනඛයෙකු වෙනුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකු මිය යාමෙන් පසු සිදු කරන ආකාරයේ අවමංගල උත්සවයක් පැවැත්වූ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ගාල්ල, උඩුගම, කැටගොඩ ප්‍රදේශයේ නිවසක මෙම විශේෂ අවමංගල උත්සවය පැවති බවය.

මෙම නිවසේ පදිංචි සරත් ගමගේ නමැත්තා ප්‍රකාශ කළේ, එම සුනඛයා සිය පවුලේ සාමාජිකයෙකු මෙන් වාසය කළ බවය.

“එයා පවුලේ කෙනෙක් වගේ හිටියේ. මගේ දුවලා කොහේ හරි යනකොට ඒගොල්ලන්ව පරිස්සම් කළා. ලොකු දුව ඔෆිස් එකේ ඉඳන් ගෙදර එන වෙලාව මතක් කළා ම එයා බස් නැවතුම ළඟට වෙලා ඉන්නවා දුව එනකම්. එයාට අපි කියන දේවල් හොඳට තේරුණා,” සරත් ගමගේ පැවසීය.

සිය පවුලේ සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් පවුලේ සාමාජිකයෙකු ලෙස ජීවත් වූ සුනඛයා වෙනුවෙන් අවමංගල උත්සවයක් පැවැත්වීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය.

සරත් ගමගේ පැවසූ පරිදි එම සුනඛයා වසර 8ක් පමණ එම නිවසේ වාසය කර තිබිණි. 

-mawbima

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

චංචල දෑසේ මායා Anzul Haniya ගේ හඬින්

ඊලොන් මස්ක්ට හිමිව තිබූ ලොව පළමු තැන අහිමි වෙයි