Thursday, January 21, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

December 11, 2019
0
sripadaya
1
SHARES
203
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

වර්ෂයේ අවසාන පොහොය හෙවත් උඳුවප්(දෙසැම්බර්)පොහොය දිනයෙන් පසුව එළඹෙන මැයි මස පොහොය දිනය තෙක් තෙක් මාස 5 ක පමණ කාලයක් සිරිපා සමය වෙයි.වසරේ අනිත් කාලයට සිරිපා අවාර සමයයි.එම අවාර සමයේදී කිහිප දෙනෙකු පමණක් සිරිපා වන්දනා කරනු ලබයි.බහුතරයක් දෙනා සිරිපා වන්දනාව සිදු කරනු ලබන්නෙ දෙසැම්බර් සිට මැයි දක්වා කාලයේයි.

තවත් බැලිය යුතු ඒවා ...

corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
936
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
432

ගෞතම බුදු රදුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රි පාදස්ථානය කරුණා කිරීම බෞද්ධ අබෞද්ධ සෑම දෙනාම සිදු කරන අතර විදේශිකයින්ද සහභාගී වෙයි.

සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප‍්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග හයක් ඇත. එහෙත් විදුලි ආලෝකය, සනීපාරක්‍ෂක පහසුකම්, අම්බලම්(නොමිලේ විඩා හරින තැන්) සහ ආරක්‍ෂාව ඇත්තේ ප‍්‍රධාන මාර්ග තුනක පමණි. එනම් හැටන් පාර, කුරුවිට එරත්න සහ රත්නපුර පලාබද්දල මාර්ග වල පමණි.හැකි නම් මෙම මාර්ග තුනෙන්ම සිරිපා වන්දනා කොට එම විවිධ මාර්ගවල සුන්දරත්වය විඳින්න.දැරණියගල මාලිබොඩ පාර සහ හලූගස්තැන්න මූක්කුවත්ත පාර අතරමගදී කුරුවිට එරත්න පාර එක්වෙයි. මරේවත්ත පාර හෙවත් රාජමලේ පාර හැටන් පාරේ ඇහැළ කණුව අසලදී හැටන් පාරට එක්වෙයි.විවිධ මාර්ග වල ගමන් කිරීමේදී මුණ ගැසෙන වැදගත් ස්ථාන එකි නෙකට පාරවල් අනුව වෙනස් වේ.

ඔබ පළමුවරට සිරිපා කරුණාවට සැරසෙන්නේ නම් සතියේ මැද දවස් යොදා ගැනීම සුදුසුයි.සති අන්තයේ පිරිස් වැඩිය.දෙසැම්බර් වැසි සමයත් පසුවූ විට හොඳය.එලෙසම පෙබරවාරි මාසයෙන් පසුව දිනයක් යොදාගැනීමත් හොඳය.මක් නිසාද යන මාර්ගය දෙපස කඩ මුල් කාලයේ තිබෙන ප්‍රමාණය අඩුය.

1.හැටන් ශ‍්‍රීපාද මාර්ගය [6 km]

හැටන් නගරයට දුම්රියෙන් හෝ බස් රථවලින් පැමිණ නල්ලතන්නිය දක්වා බස් රථයකින් ගමන් කළ හැක. නල්ලතන්නියේ සිට යායුත්තේ පාගමනිනි.

මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මලූව දක්වාම කිලෝ මීටර් හයක පමණ දුරක් කන්ද නැග සිරිපා මලූවට ළගා විය හැකිය. සිරිපා කරුණා කිරීමට ඇති ලඟම පාර මේ හැටන් පාරයි.විදේශිකයින්ද කරුණා කරන්නේ මෙම මාර්ගයෙනි.

නල්ලතන්නියේ දී සීතගගුලේ පහළින් එගොඩ වී කල්පවෘක්‍ෂ මහා විහාරය, අසුමහා ශ‍්‍රාවක මහා බුද්ධ මන්දිරය, මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, පසුකර කරුණා කරන විට වත්පිළිවෙත් සිදුකරන සීතගගුල යළි හමුවෙයි. මස්කෙළිඔය හෙවත් කැළණි ගෙග් ඉහළ මේ සීතගගුලයි. සීතගගුලේදී දිය නා පිරිසිදුවී කෝඩුකාරයන්ට ආශිර්වාද පතා කුිරි කෝඩු දඩුකෝඩු මේ හැම කෙනාගෙම අත්වල පඩුරු ගැට ගසන්නේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව සිරිපා වන්දනාකර ආපසු ඒමට හැකි වේවායි බලාපොරොත්තුවෙනි.

සීතගගුල පසුකර මලූව දෙසට යනවිට ඉදිකටුපාන හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. ගෙත්ම්පානනෙන් දකුණට ඇති අඩිපාර රත්නපුර පාරේ ආඩියා මළතැන්නට යන හරස් අතුරු පාරකි. ගෙත්තම්පාන පසුකර මහගිරි දඹය ඔස්සේ ඉදිරියට යනවිට ඇහැළ කණුව හමුවෙයි. ඇහැළ කණුව පසුකර ඉදිරියට යනවිට භගවා ලෙන හමුවෙයි. එතැනින් පසු සිරිපා මලූව හමුවෙයි.

2.කුරුවිට එරත්න පාර[14.32 km]

කුරුවිට එරත්න පාර ඉතාම පැරණි ම සිරිපා පාරය. සිරිපා මලූව මුලින්ම සොයාගෙන ඇත්තේ මේ ආශ‍්‍රීත ප‍්‍රදේශ හරහා ගමන් ගත් ‘කොටා’ විසින් යැයි ජනප‍්‍රවාදයේ එයි. එහෙත් දැන් ඒ පාර වෙනස්ව ප‍්‍රධාන පාරක් ලෙස පවතී. මගදෙපස විදුලි ආලෝකය ඇත.

කොළඹ සිට කිලෝමීටර් 88ක් දුරින් කුරුවිට නගරය කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. කුරුවිට නගරයේ සිට එරත්න දක්වා කිලෝ මීටර් 11කි. දැන් තවත් කිලෝමීටර් එකහමාරක් දුරට කැකුණහීන්න දක්වා පොදු මගී ප‍්‍රවාහන සේවාවන් ක‍්‍රියාත්මක වෙයි. කැකුණහීන්න දක්වා පුද්ගලික වාහනයකින් වුවත් ගමන් කළ හැකිය. කැකුණහීන්නේ සිට යායුත්තේ පාගමනිනි. එතැන සිට කිලෝමීටර් පහළොවකට ආසන්න දුරක් මලූවට ඇත.ගමන දුර වුවත් ඉතා සුන්දර පරිසරයකින් යුතුය.

ජම්බලගස්යට අම්බලම, සරුවත් අම්බලම පසුකළ විට වර්ණගල හමුවෙයි. වෙනත් මාර්ගයකින් වර්ණගලට වාහනයක් ගමන් කළ හැකි නමුත් පුද්ගලික වාහන සදහා ඒ මාර්ගයේ ගමන් කිරිමට අවසර නොලැබෙයි. වර්ණගල පොලිස් මුරපොළක් ද පිහිටා ඇත.

සරුවත් අම්බලමේ සිට වර්ණගල පසුකර කිලෝ මීටරයක් පමණ දුරක් දක්වා කන්දය. දවාලක ගමන් කරන්නේ නම් බස්නාහිරින් දැකුම්කලූ පරිසර දසුන් නැරඹිය හැකිය. ඉන්පසු සුලූවැල්ල ඔස්සේ සීතගගුල දක්වාම තැන්නය. සීතගගුලට තුම්මෝදර යැයිද කියනු ලබයි. කුරු ගඟේ ඉහළ ප‍්‍රදේශය මේ සීත ගගුලයි.

සීතගගුල පසුකර ඉදිරියට යනවිට බේරුමණ්ඩිය ද, මැදහින්නද හමුවෙයි. මැදහින්නේද දකුණු පැත්තෙන් ඇති අඩිපාර දැරණියගල සිට මාලිබොඩ හරහා සිරිපා කරුනාකරන මාර්ග යයි. ඉන්පසු ඉ`දිකටුපාන හමුවෙයි. තැනිතලාවකි.

එතැනටද ගෙත්තම්පාන යැයි කියති. එරත්න පාරේ ඉදිකටුපානේ සිට ගල්වංගෙඩිය දක්වා දුර තරමක නැග්මකි. ගල්වංගෙඩියේදී රත්නපුර පාර හමුවෙයි. අඩි තිහක් දකුණට ගියවිට හැරමිටිපානය. කෙළින් ගමන් කරන විට ආඩියාමළතැන්න හමුවෙයි. ආඩියාමළතැන්නෙන් වමට ඇති පාරෙ හැටන් පාරේ ඉදිකටුපානටය. කෙළින් ඇති අඩිපාර සිරිපා මලූවටය. කුරුවිට සහ රත්නපුර පාරේ එන බැතිමතුන්ට මහගිරි දඹය හමුවන්නේ ඉදිකටු පානෙදිය. මහගිරිදඹය ඔස්සේ ඉහළට යනවිට ඇහැළ කණුව හමුවෙයි. රත්නපුර පාරේද ඇහැළ කණුවක් ඇත. ඇහැළ කනුව පසුකර ඉහළට කරුණාකරන විට හුලං කපොල්ල හමුවෙයි. ඉන් අනතුරුව සිරිපා මලූවයි.

3.රත්නපුර රජමාවත හෙවත් පලාබද්දල පාර [9.30 km]

රත්නපුර නගරයට පැමිණ මල්වල, ගිලීමලේ පසුකර පලාබද්දල දක්වා වාහනයකින් පැමිණිය හැකිය. පොදු ප‍්‍රවාහන සේවා පලාබද්දල දක්වා ක‍්‍රියාත්මකය.

පලාබද්දල සිට පවනැල්ල, දොරලකඬේ, කොකටියක`ද, ලිහිණිහෙල, කටුකිතුල, ගෝණතල්ල, ගැටනිටුලල, කොඩියහෙළ, ධර්මරාජගල, ගල්පොත්ත කඬේ, සෙවලගල පසුකර කරුණාකරන විට සීතගගුල හමුවෙයි. මේ සීතගගුල කලූ ගෙග් ඉහත්තාවයි. ඉන්පසු හීන් ගගුල පසුකර ඉදිරියට කරුණාකරන විට හැරමිටිපාන හමුවෙයි. හැරමිටිපාන පසුකර අඩිතිහක් පමණ පල්ලමට බහින විට ගල්වංගෙඩියයි. එතැනදී කුරුවිට එරත්න පාර හමුවෙයි. මේ පාර ද විදුලි ආලෝක පහසුකම් සපයා ඇත. පලාබද්දල පාරෙන් මලූවට කිලෝමීටර් පහළොවක් පමණ ඇත.

4.දැරණියගල පාර හෙවත් මාලිබොඩ පාර

දැරණියගල සිට උඩමාලිබොඩ දක්වා වාහනයකින් පැමිණ එතැන්සිට පන්දිනය හරහා මහ වනමැදින් පැමිණ පාගමනින් එන පාරද එරත්න පාරේ මැදහින්නට වැටෙයි. මාලිබොඩ පාර ලෙස නම්කර ඇති මේ පාරෙන් එනවිට සීතගගුල වන්නේද කරු ගෙග් ඉහත්තාවයි. විදුලි ආලෝක පහසුකම් හෝ අම්මබලම්, තාවකාලික වෙළදසැල් මැදහින්න දක්වාම නැත.

5.මූක්කුවත්ත පාර

රත්නපුර මල්වල හංදියෙන් වේවැල්වත්ත පාර ඔස්සේ ගලබඩ හංදිය තෙක් ගමන් කර එැතැනින් හපුගස්තැන්නේ හද්දාරගගවත්ත තෙක් වාහනයකින් ගමන් කළ හැක.

එතැන් සිට බෙරුහීන්න, බෝතියදොළ (බෝටියදොළ) පසුකළවිට ඌරුමලේ හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. තවත් ඉදිරියට යනවිට රත්නපුර පාරේ ඇහැළ කණුව ආසන්නයේ දී රත්නපුර පාරට එක්වෙයි. විදුලිබල පහසුකම් හෝ වන්දනාවාරයට වෙළදසැල් මේ පාරේ නැත.

6.රාජමලේ පාර හෙවත් මරේවත්ත පාර

මස්කෙළියේ මරේවත්තේ රාජමලේ පැත්තෙන් ඇති වනගත පාරකි. මේපාරට ඇහැළකණුව අසල දී හැටන් පාර හමුවෙයි. එහෙත් මේ පාර සමාගම් වත්තක් හරහා වැටී ඇති නිසා ප‍්‍රභූන් හැර සාමාන්‍ය ජනතාවට එහි ගමන් කළ නොහැක.

වැදගත් :
මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ පොලිස් නිල සුනඛයින් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පරිසරය ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙමින් සිරිපා කරුණා කලයුතුය.
හැටන් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ස්ථාන කිපයක ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය එක්රැස් කිරීමටද පහසුකම් සපයා ඇත.

සමනල කන්ද රසික එකමුතුව ෆේස්බුක් ගෘප් එක :
https://www.facebook.com/groups/SripadayaFans/

පහල වීඩියෝවත් බලන්න

Related Posts

corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
0
936

...

Read more
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
432
ssp-daughter-aacident-nanda-motors

ලයිසනුත් නැති SSP ගෙ දුව සිදු කෙරූ අනතුර [Photos]

November 16, 2020
205
corona-deaths-in-sri-lanka

ලංකාවේ කොරෝනා මරණ 53 දක්වා දත්ත

November 13, 2020
336
සොයුරාගේ-අනියම්-පෙම්වතිය

වැල් වටාරම් අනියම් පෙමේ හරි උත්තරේ මෙන්න

November 10, 2020
121
mercedes-benz-red-car

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැදවූ මෝටර් රථයට පැන සැමියා දිවි නසා ගනී

October 25, 2020
41

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
298

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
51

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

wedding-horoscope
18 Plus

ඔබගේ ලග්නය අනුව යුග දිවියේ අනුරාගයට ගැලපෙන අය මෙන්න

July 24, 2020
0
133

Read more
johhny sins
18 Plus

ජොනී සින්ස් 1000 වැනි නිල් චිත්‍රපටයේ රඟපාලා [Brazzers Interview එක මෙන්න]

May 4, 2018
87
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 5

February 24, 2020
141
sex ed sinhala
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 8

April 7, 2020
125
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 6

February 26, 2020
318
සනුක වික්‍රමසිංහ-ස්ටෙෆනි
18 Plus

සනුක කියන්නෙ ඇත්තටම හොඳ කෝච් කෙනෙක් [VIDEO] ?

June 14, 2020
158
ranjan hadapata
18 Plus

රංජන් රාමනායකගේ පිටවූ හඬපට සියල්ල මෙතැනින් අහන්න [18+]

January 8, 2020
127
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0
  • සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

    1 shares
    Share 1 Tweet 0

අලුත්ම පුවත්

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
8
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
15
Uncategorized

January 6, 2021
6
kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
15
covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
38

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

2019 presidential election

[All Result] 2019 ජනාධිපතිවරණයේ සියලු ඡන්ද ප්‍රතිඵල 

November 18, 2019
138
rathana suthraya sinhala

රතන සූත්‍රය නිදාන කතාව සහ සිංහල තේරුම [පින්තූර මගින්]

March 22, 2020
259
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist