in , , , ,

සම්පූර්ණ ශ්‍රී සම්බුද්ධ චරිතය – ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය [VIDEO]

Buddha life story
සම්පූර්ණ ශ්‍රී සම්බුද්ධ චරිතය – ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ  ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා  ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.

මූලික පෙළ දහම සහ අට්ඨකතා මූලාශ්‍ර මත පමණක් පදනම්ව නිර්මාණය වී ඇති නිසා මෙය පාසල් දරුවනටද අධ්‍යාපන මෙවලමක් වශයෙන් ද ඉතා වැදගත් වේ.

පුරා පැය හතර හමාරක පමණ කාලයක් දිගහැරෙන මෙම අපූර්ව චිත්‍රපටය සම්බුදු චරිතය පිළිබඳව සිංහල භාෂාවෙන් නිර්මිත අංග සම්පූර්ණ සහ එකම ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය යි. මේ ඔස්සේ සම්බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සම්බුදු සිරිතේ විශේෂ අවස්ථා ගණනාවක් මනහර ලෙස රූප මාධ්‍යට නඟා තිබේ. 
මෙම චිත්‍රපටය විකිණීම සඳහා පිටපත් කිරීම මුලුමණින්ම තහනම් වන අතර ධර්ම දානයක් ලෙස නොමිලයේ බෙදා හැරීමට කැමති නම් ඒ සඳහා film@shraddha.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ අවකාශ සළසා ගත හැකිය.
මෙම නිර්මාණය අනන්ත ගුණ ඇති දසබලධාරී වූ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උත්තම වූ පූජෝපහාරයක් වේ වා!
කොටස් 8 කින් මෙම  ද්විමාන චිත්‍රපටය සමන්විත වේ.

1

2

3

4

5

6

7

8

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලංකාවේ තරුණියක් වෙනුවෙන් උණවටුනේදී සුද්දො දෙන්නෙක් ගහගෙන ;එක්කෙනෙක් ඉස්පිරිතාලේ

රංජන්ට ඇප ලැබිලා ; විදෙස් ගමන් තහනම් වෙයි