in , ,

ශ්‍රී පාද අඩවියට මත්ද්‍රව්‍ය රැගෙන ආ 7දෙනෙකු අත්අඩංගුවට‍

sri-padaya-drugs

ශ්‍රී පාද අඩවියට මත්ද්‍රව්‍ය රැගෙන ආ7 දෙනෙකු අත්අඩංගුවට‍


2020 වර්ෂය වෙනුවෙන් ශ්‍රී පාද වාරය මෙවර දෙසැම්බර් දුරුතු පොහොය දිනයෙන් ඇරඹුණු අතර 2020 වෙසක් මස පොහොය තෙක් පවතී.සිරිපා වන්දනාව ඇරඹුණු දිනම බැතිමතුන් විශාල පිරිසක් පැමිණ තිබුණි.
නල්ලතන්නිය ශ්‍රී පාද උඩ මළුව ප්‍රධාන මාර්ගයේ, කල්පරුක්ෂ විහාරය අසළ නව පොලිස් මුරපොළෙහි කළ පරීක්ෂාවකදී කේරල ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙනයාමට තැත් කළ තරුණයන් හත්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය කියයි.

එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නෛතික පියවර ගැනිමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ශ්‍රී පාද පුද බිමේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහාත් එම මුරපොළ ස්ථාපනය කර ඇත.

පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ දිවා රාත්‍රි දෙකෙහිම ක්‍රියාත්මක නව පොලිස් මුරපොළ තුළ පොලිස් කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිපදෙනෙකු දිවා රාත්‍රි දෙකෙහිම රාජාකාරියේ යොදවා ඇති බවත්, ශ්‍රී පාද වන්දනාවට පිවිසෙන පැමිණෙන සියලු වන්දනාකරුවන් මුරපොළෙහිදි දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් පොලිසිය කියයි.

මත්පැන්, මත්ද්‍රව්‍යය, දුම්වැටි, පොලිතින් ඇතුළු පරිසරයට අහිතකර කිසිදු ද්‍රව්‍යයක් රැගෙන යාමට අවසර ලබා නොදෙන බවත් ශ්‍රී පාද වන්දනාවට අවශ්‍ය ද්‍රව්‍ය පමණක් රැගෙන එන ලෙසත් පොලිසි වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටී.

 සිරිපා වන්දනාවට ඇති මාර්ග 6 මෙන්න 

ඇතැම් වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය භාවිතා නොකර මරේ තේ වත්ත හරහා  ශ්‍රී පාද රක්ෂිතය තුළට පිවිස කෙටි මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බවත්, එම මාර්ගය අනාරක්ෂිත බවත්, එම මාර්ගයේ විදුලි අලෝකය පවා නොමැති බවත්, රක්ෂිතය තුළ දිවියන් විශාල වශයෙන් සැරිසරන නිසා එම මාර්ගයේ ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් දැනුම්දෙයි

වනජිවි කලාපයක පිහිටි එම මාර්ගයේ ශ්‍රී පාදය කරුණා කිරීම නිසා රක්ෂිතයට ඇතුළුවීමේ චෝදනාව යටතේ වන්දනාකරුවන් දඬුවම් ලැබිය හැකි වරදකට හසු වන බව ද පොලිසිය කියාසිටී.

සිරිපා මළුවට 300Kg ක් බර බුදු පිලිමට හමුදා කොල්ලන් විසින් වැඩම කෙරූ හැටි

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

[VIDEO] අද මම මේ තැන ඉන්නෙ දෙවියන් වහන්සේ හින්දා – විවාහක රූ රැජින

වාසුදේව නානායක්කාරත් තාප්ප වල චිත්‍ර අඳියි [Photos]