in ,

වේදනා රහිත මරණයක් ලබාදෙන “SARCO” උපකරණය

 SARCO-device-sinhala 2

සාකෝ නමැති මරණයේ යන්ත්‍රය මෙම වසරේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. මිනිත්තුවක් තුළදී වේදනා රහිත මරණයක් ලබා ගැනීමට හැකි නවීන තාක්ෂණික යන්ත්‍රයක් භාවිතා කිරීමට ස්විට්සර්ලන්තය තුල මේ වන විට නීත්‍යනුකූල අවසරය ලබා දී තිබෙනවා.
පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය මඟින් එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසු වුවද, තමන්ගේ ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට පවා ඊට ඇති හැකියාවයි.
මෙහිදි මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවම තත්වයකට රැගෙන ඒම මගින්.
රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසනවා.
Exit International (එක්සිට් ඉන්ටර්නැෂනල්) නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය නිට්ෂ්කේ පවසන්නේ ‘සාකෝ SARCO’ ලෙස හැඳින්වෙන තමන්ගේ මෙම නිර්මාණය ‘මරණය ගෙනදෙන ගෑස් කුටියකට’ වඩා වැඩි දෙයක් නොවන බවට පවා විවේචන එල්ලවන බවයි.
සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස පවා ගැරහුම් එල්ලව තිබෙන සාකෝ යන්ත්‍රය ලබන වසර වන විටම ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
තාක්ෂනය මිනිසාගේ එදිනෙදා ජීවිතය තමන්ගේ පාලනයට නතු කරගන්නා කාල සමයක, මරණය තාක්ෂනය හරහාම වේදනාවක් රහිතව සිදු කරගැනීමට හැකිවීම මෙන්ම ඊට නීතිමය අනුමැතිය හිමිවීම මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි අනාගතයේ විශාල වෙනසක මුලාරම්භය විය හැකියි.
-dinamina 
SARCO-device-sinhala
SARCO-device-sinhala 3

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඉන්දියාවේ තාත්තයි-දුවයි එකට පියාඹයි

ජාතික ඉන්ධන අවසරපතට අළුත් මුහුණුවරක්