වෙසක් පුන් පොහෝ දා(මැයි 7) මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්ලෙමන්ට් ප්‍රනාන්දු නම්,මීගමුව ශාන්ත අන්තෝනි පාරේ පෙරියමුල්ල ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් එදිනම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
බල්ලාගේ හිමිකරු නිවසේ ගේට්ටුව විවෘත කිරීමෙන් පසු බල්ලා එළියට ගොස් ඇති අතර විනාඩි 5 ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි .
බල්ලාට වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු අසළ නිවසක සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇතැයි මීගමුව පොලිසිය කියයි .

විශ්‍රාමික පොලිස් අධිකාරී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම වෙඩි තැබීමට හේතුවී ඇත්තේ සුනඛයා තාප්පයට මුත්‍රා කිරීමයි.මෙම පොලිස් නිලධාරියා ඇප මත නිදහස් වී ඇති බව වාර්තා වනවා.
වේයන්ගොඩ ,මොට්ටුන්න ප්‍රදේශයේ නිවසක කූඩුවක ඇති කරමින් එළුවෙකුගේ ගෙල කපා දැමීමේ සිද්දියක් වෙසක් පෝය දිනයේම වාර්තා වෙයි.සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු වෙරි මතින් මෙය සිදු කර තිබෙනවා.