ජාලගත වකුගඩු ඡාවාරමට සම්බන්ධ වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.මෙලෙස වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරම සිදුව ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදීයි.බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිල දී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබිය දී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි පැවසෙන්නේ.
ඡාලගත වකුගඩු ඡාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබිය දී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී තිබූ බවයි එහි වැඩිදුරටත් සඳහන් වුණේ.
එම පුවතේ වැඩි දුර විස්තර පහත වීඩියෝවෙන්
