විවාහ නොවී ලිංගිකව හැසිරිමේ හේතුවෙන් එල්ල වූ චෝදනාවට වරදකරුවන් වූ ඉන්දුනීසියානු යුවලකට කස පහරවල් 100 ක් බැගින් එල්ල කිරිමේ සිද්ධියක් අචේ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
දැඩි ඉස්ලාමීය නීති පනවා ඇති අචේ ප්‍රාන්ත බලධාරින් විසින් පනවා තිබෙන නීති අනුව විවාහ වීමට පෙර ලිංගිකව එක්විම සහ දුෂණ සිද්ධීන්, මත්පැන් පානය, සුදු ක්‍රීඩාව සහ සමලිංගික ක්‍රියාකාරකම් හි යෙදෙන අයට මෙලෙස ප්‍රසිද්ධියේ කස පහර එල්ල කිරිමට නියම කෙරේ.
කස පහරවල් එල්ල කිරිමේදී වේදනාව දරා ගත නොහැකිවීම හේතුවෙන් චෝදනාවට වරදකරුවූ පුද්ගලයාට කෙලින් සිටීමටවත් නොහැකිවීම නිසා දඬුවම මදකට නතර කොට එය යලි ක්‍රියාත්මක කිරිමට බලධාරින්ට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
ප්‍රසිද්ධියේ මෙවැනි දඩුවම් දෙනු ලබන්නේ අන් අයටද දැනුවත් කිරීමටය.ISIS ත්‍රස්ත සංවිධානයද මෙවැනි දඩුවම් දී තිබුණි.සමලිංගිකයන්ව උස් ගොඩනැගිලි මතින් බිමට වට්ටවා මරා දමනු ලැබිණ.
Discussion about this post