ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අප්‍රේල් 6 උදෑසන මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබුණි.
පිළිකාවක් වැළඳී කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.

දෙදරු පියෙකු වූ ඔහු මෙරට ප්‍රමුඛ පෙලේ ස්වර පුවරු වාදකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු සහ ගායන ශිල්පියෙකු ද වුණා.
ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුතණුවන් වන ජයන්ත රත්නායක මහතා ප්‍රවීණ සංගීතඥ ලෙලුම් රත්නායක මහතාගේ සහෝදරයාද වනවා.
බත්තරමුල්ල කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත්කර ඇති ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අප්‍රේල් 08 තලාහේන අදාහනාගාරයේදී සිදු කෙරිණ.