in

වැඩි වැඩ දාලා සිපගන්න ගිහින් පාලමෙන් වැටුන පෙම් යුවල – Kissing Couple at Bridge

Horrifying moment kissing couple plunge to their deaths from a bridge
වැඩි වැඩ දාලා සිපගන්න ගිහින් 

පාලමෙන් වැටුන පෙම් යුවල
[CCTV VIDEO]

දකුණු ඇමරිකානු පේරු රාජ්‍යයේදී පසුගිය සෙනසුරාදා වාර්තාවූ අවාසනාවන්ත
අනතුරක සීසීටීවී වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.

පේරුහි කුස්කෝ නගරයේ බෙත්ලෙහෙම් නමැති මාර්ගයක් හරහා දිවෙන පාලමක් මතදී පෙම් යුවළක් සිප වැළඳගන්නට යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

අඩි 50ක් පමණ උසැති මෙම පාලමක් මත සිප වැළඳගැනීමට ගිය යුවළට සමබරතාවය ගිලිහී යාම නිසා ඉන් ඇද වැටී මරණයට පත්වන්නට සිදුවිය.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මේබත් එස්පිනෝස් සහ ඇගේ පෙම්වතා වුණු හෙක්ටර් විදාලුය. සංචාරක මගපෙන්වන්නන් හැටියට රැකියාවේ නියැලීමට පේරූ රටට පැමිණ ඇති මේ යුව​ළ රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පාන්දර 1 ට පමණ පාලම මතට ඇවිද ගොස් එහි පැති වැටක් අසළ සිට සිප වැළඳගැනීමට පටන් ගෙන ඇති අතරවාරයේ දෙදෙනාගේ බීමත් ගතිය නිසා ඔවුන්ගේ සමබරතාවය ගැන කල්පණාවක් තිබී නැත.

සමබරතාව ගිලිහී පාලමේ වැටට උඩින් ඔවුන්ව පහළට ඇද වැටී දැඩි ලෙස තුවාල ලබා සිටි කාන්තාව අතරමගදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර පෙම්වතා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියා.

පේරු රාජ්‍යයේ රූපවාහිනී නාලිකා මෙම අනතුරේ සීසීටීවී ප්‍රසිද්ධ කර තිබුනේ පහත ආකාරයටය.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sri Lanka Podujana Peramuna[Pohottuwa] Full Page Ad with Artists

ලංකාවේ රස සුවඳ ඕස්ට්‍රේලියාවේ පතුරා සම්මාන දිනූ සිතාරා – Australia Sithara