මාතලේ ප්‍රදේශයේ ඩීමෝ බට්ටෙක් මතට අධි බලැති විදුලි රැහැන් වැටී,නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා එහි සිටි දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
ඔබ වාහනය තුල සිටින වේලාවක වාහනය මතට විදුලි රැහැනක් කඩා වැටුනහොත් ඔබ කල යුතු දෑ මොනවාද ? ඔබ නොකළ යුතු දෑ මොනවාද ?ලංකා විදුලි බල මණ්ඩලය මගින් එය වීඩියෝවකින්ම ඔබට පෙන්වා ඇත
.
ඔබ කලයුතු දෑ

1)හැකි තරම් වාහනය තුළටම වී සිටීම
2)වාහනය ගිනි ගැනීමේ හැකියාවක් පවතී නම් කකුල් දෙක ලං කර එක වරම වාහනයෙන් පිටතට පිංමක් පැනීම සහ එතැන් සිට අඩි 30 ක් පමණ යනතුරු කකුල් ඈත් නොකර ගමන් කිරීම
ඔබ නොකළ යුතු දෑ…
1) සාමාන්‍යයෙන් වාහනයෙන් බහින් ආකරයට වාහනයෙන් බැසීමට උත්සහ කිරීම නොකළ යුතුයි.එනම් එක පාදයක් වාහනයේත් අනෙක් පාදය පොලවේත් ස්පර්ශ වෙනසේ බැසීම කිසි සේත් නොකළ යුතුය.එසේම ඔබේ අත් වාහනයේ ලෝහ බද හා ස්පර්ශ නොවෙන ආකාරයට ඉහත සඳහන් කල ආකාරයට වාහනයෙන් බැස ඈත් විය යුතුය.
ඇමරිකාවේ විදුලි සම්බන්ධ ආයතනයක් මගින් පල කර ඇති අදාල වීඩියෝවට සිංහල උප ශීර්ෂ යොදා ලංකා විදුලි බල මණ්ඩලය ඔබගේ දැනුවත්වීම පිණිස එක් කර ඇත.එම වීඩියෝ දෙකම පහලින් බලන්න.
This Might Shock You: Downed Power Line