in , , ,

ලෝක නායකයින්ගේ නම් කියා පුංචි දුවෙක් ලෝක වාර්තාවක් තියලා

world record

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වි ඇත.

සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර එම වාර්තාව තැබු බවයි එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පැවසිය.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි දැරියගේ පියා කියා සිටියේ.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත්, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බවයි සෙන්තුල් කුමාර් මහතා කියා සිටියේ.

කොටගල ප්‍රදේශයේ අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙලද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා මහතා ඇතුළු වෙලද සංගමයේ සමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දැක්විමක්ද සිදු කෙරිණ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

gay water sinhala

“Gay water” නමින් සමලිංගිකයන් වෙනුවෙන් විශේෂ පානයක්

twitter change logo

ට්විටර් නිල ලාංඡනය වෙනස් වෙයි ; කුරුල්ලා වෙනුවට X අකුර එයි