in , ,

ලොව වැඩිම ගව මස්/වසු පැටවුන්ගේ මස් අපනයනය කරන බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්ෂය පනී

brazil coronavirus cow

2017 සහ 2019 වසරේදී ලොව වැඩිම ගවමස්/වසු පැටවුන්ගේ මස් අපනයනය කෙරූ ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන බ්‍රසීලය වෙත කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය දිගින් දිගටම තදින් පහර දෙමින් සිටින අතරතුරේ එහි සිදුවී ඇති කොරෝනා මරණ ප්‍රමාණය 100,000 ඉක්මවා තිබෙනවා.

මැයි 5 වනදා එහි සිදුවී තිබෙන මරණ ප්‍රමාණය 7,367 ක් වී තිබුණි.
මැයි 10දා වාර්තාව අනුව එරට පුද්ගලයන් 10,697 දෙනෙකුගේ ජීවිත මෙම වෛරසය බිලිගෙන තිබේ.
ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඉන් මාස 5කට පසුව එරට කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව මෙලෙස 100,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම රට පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මැයි 10 විට 156,604 ක් වූ අතර අගෝ.9 උදේ 8.15 වනවිට 3,013,369 දක්වා වර්ධනය වී තිබේ.

ආසාදිතයන් වැඩිම රටවල් 5 අතරටද බ්‍රසීලය පැමිණ තිබේ.

බ්‍රසීලය තුළ වෛරසය මේ ආකාරයෙන් පැතිර යාමට එරට ජනාධිපති ජෙයාර් බොල්සෝනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතු වී ඇති අතර, නිරෝධායන හා අගුලු දැමීම් වැනි ආසාදනය වැළැක්වීමේ පියවරයන්ගේ බලපෑම් බ්‍රසීලයේ ආර්ථිකයට වඩා නරක බලපෑමක් ඇති කළ හැකි යැයි විශ්වාස කරන ඔහු වෛරසයේ තර්ජනය නැවත නැවත ප්‍රතික්ෂේප කරයි.බ්‍රසීලය මේ ආකාරයෙන් නිල දත්ත ලෙස ඉදිරිපත් කළත්, ඔවුන්ගේ ආසාදිත ගණනය කිරීම් මෙන්ම ප්‍රමාණවත් නොවූ පරීක්ෂණ හේතුවෙන් මෙම අගයන් මීට වඩා බොහෝ සෙයින් ඉහළ පවතිනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් සහ රාජ්‍යයන් පෙන්වා දෙයි.

විශාල ප්‍රමාණයක ගවයින්/වසු පැටවුන්ගේ ෆාම් වෙනුවෙන් පරිසරය විනාශ කරමින් ඉවක් බවක් නැතුව කරනා සත්ව සංහාරයන් මධ්‍යයයේ බ්‍රසීලයේ කොරෝනා ඉරණම කෙසේ විසඳේවිද ?

source https://www.statista.com/chart/19122/biggest-exporters-of-beef/

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2020 මහමැතිවරණෙන් පාර්ලිමේන්තුට තේරී පත්වූ කාන්තාවෝ 10 දෙනා මෙන්න

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමේ අවස්ථාව මෙතැනින් [VIDEO]