in

ලක්ෂ ගානක් පඩි ගන්න මහ බැංකුවෙ ලොක්කන්ට ජනපති ගෝඨාභය කනේ ඇඟිලි ගහගන්න දුන්නු දේශනේ [VIDEO]

ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිසි ක්‍රියාමාර්ග භාවිතයට ගෙන නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 16 පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා මහමැංකු නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී කොරෝනා අර්බුදය හමුවේ ගෙන ඇති පියවර පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළා.

මේ අතර, අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශ විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාවය සහ අරමුදල් පිරිවැය පහළ යාමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළදපොළ වර්ධනයන් අඛණ්ඩව සුපරික්ෂණය කරන අතර ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයෙහි තිරසාර නගා සිටුවීමකට සහය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල වීඩියෝව පහලින් බලන්න

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

චන්ද්‍රිකා සහ මංගල විවේක සුවෙන් [Photo]

450 CC – 1000 CC දක්වා යතුරුපැදි ලියාපදිංචියට අවසර දීලා