in , ,

ලංකා රජය ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කරලා

 මෙරට තුළ තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අමතරව පුද්ගලයින් 316 දෙනෙකු සඳහා පනවා තිබු තහනම ද ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය කාලසීමාව තුළ අදාළ සංවිධානවල සහ පුද්ගලයින්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව ලැබුණු නිර්දේශ මත එම තහනම ඉවත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතියට අනුව පුද්ගලයින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් මෙරට තහනම් සංවිධාන ලෙස මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආසාධු ලේඛන ගත කර තිබුණි.

එම සංවිධානවලින් ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධානවල තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතියට අනුව තවත් සංවිධාන තුනක් සහ පුද්ගලයින් 55 දෙනෙකු තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව තවදුරටත් ජාත්‍යන්තර සංවිධාන 15ක් සහ පුද්ගලයින් 316 දෙනෙකු තහනම් සංවිධාන ලෙස ආසාධු ලේඛන ගත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ ජාත්‍යන්තර සංවිධානවල තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

blacklist-1
blacklist2
-adaderana

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

jangi hora,ජංගි හොරා

ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක [VIDEO]

gnanasara thero

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි