ළමා අපයෝජන මුළු මහත් ලෝකයේම දෙයක්.මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් පමණ දිස්ත්‍රික්ක 25න් ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මොණරාගල, පොළොන්නරුව අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවලින් ළමා අපයෝජන සිද්ධින් විශාල වශයෙන් වාර්තා අතර වසරකට මොණරාගල දිස්ත්‍රික්කය තුළ ළමුන් 500 දෙනෙකු පමණ ළමා අපයෝජන හා හිංසන නිසාවෙන් පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන බව ඒ මහතා පවසයි.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ වසරකට ළමුන් 10 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
-Aruna