in ,

ලංකාවට ඇවිත් දැන් යන්න බැහැයි වගේ කියන නෙදර්ලන්ත සරසවි සිසුවිය[VIDEO]

sri lanka

කොරෝනා වසංගත සමයේදී අධ්‍යාපන කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි නෙදර්ලන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය හදාරන 24 හැවිරිදි සින්ඩි හඩ්සි නැමති තරුණිය මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ සිරව ඉඳ ඇත. ඇය එම කාලය තුළදී අපූරු අත්දැකීම් සමුදායකට මුහුණදී ඇති අතර එම අත්දැකීම් පිළිබඳව මෙසේ අදහස් පළ කළාය.

“මම ලංකාවට එන්නේ මාර්තු 14 වැනිදා. මම එන්නේ ශ්‍රී ලාංකික වැදි ජනතාවගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණයකට. මම 15 වැනිදා බදුල්ලට එනවා. ඒ එන්නේ ඌව – වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා හමුවන්න. ඒ මහතා තමයි ලංකාවේ මගේ උපදේශක හැටියට කටයුතු කරන්නේ.

නමුත් ලෝකෙටම බලපාපු කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මගේ අධ්‍යාපන කටයුත්ත කර ගන්න බැරි වුණා. ඇතිවූ තත්ත්වයත් එක්ක මට නැවත නෙදර්ලන්තයට යන්නත් බැරි වුණා. මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ සිරවුණා. මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්නවත් බැරි වුණා. මොකද මම ගැහැනු ළමයෙක්. මගේ ආරක්ෂාව ගැන බය වුණා.

හැබැයි මට හිතාගන්න බැරි විදිහට හැම දෙනාම මට උදවු කළා. ඉන්න හිටින්න විශ්වවිද්‍යාලයේම පහසුකම් දුන්නා. ඒ විතරක් නෙවෙයි ආරක්ෂාව, කෑම, බීම හැම දෙයක්ම දුන්නා. නිතර නිතර මා ගැන සොයා බැලුවා. ලංකාවේ අය අතර තියෙන්නා වූ ආගන්තුක සත්කාර හොඳින්ම මම විඳගත්තා. ලංකාවේ ජනතාව හරිම හොඳයි.

මම විශ්වවිද්‍යාලය තුළ සිටින කාලය තුළදී මෙම කොරෝනා තත්ත්වයට ලංකාව මුහුණදෙන ආකාරය පිළිබඳව සැලකිල්ලෙනුයි හිටියේ. ඒ අනුව මම ලංකාවට ඇවිත් කරන්න හිටිය පර්යේෂණය වෙනුවට නව පර්යේෂණයක් ආරම්භ කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 අර්බුදය තුළ සමාජ බලපෑම. මගේ පර්යේෂණයේදී දැක ගත් දෙයක් තමයි ලංකාව රටක් හැටියට මෙම වසංගත තත්ත්වයට හොඳින් මුහුණ දුන්නා. එය පාලනය කරගන්න වගේම ජනතාවගේ දෛනික කටයුතු කෙරෙහි විශාල කැපකිරීමක් කළා. ඒ සඳහා කැපවූ සැමට මම ස්තූති කරනවා.

මේ වන විට මම මගේ පර්යේෂණයේ අවසන් අදියරට පැමිණ තිබෙනවා. මම ළඟදීම නැවත නෙදර්ලන්තයට යාවි. හැබැයි මම නැවත කවදා හෝ ආපහු ලංකාවට එනවා.

විදේශිකයන්ට කියන්න තියෙන්නේ ජීවිතයේ එක් දිනක් හෝ ලංකාවට ඇවිත් යන්න කියලයි. මට ලංකාව දාලා යන්නත් බැරි තරම්. මම හැමදාමත් ලංකාවට ආදරෙයි.”

දෙමෝදර – ජයලත් දිසානායක

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පකිස්තානු චිත්‍රපට 16 ක රඟපෑ සබීතා පෙරේරාට පකිස්ථානයේදී මූණ වහගෙන යන්න වෙලා

කොරෝනා වලින් මිය ගිය බව නොදැන ස්වාමියා එනතුරු වූහාන් වල රෝහලක් ඉදිරියේ මාස 3 ක් සිටි බලු සුරතලා