Saturday, March 6, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

ටට්යානාට මුලින්ම ආදරෙයි කිව්වෙ ෆෝන් එකෙන් – රෝහිත සියල්ල හෙළි කරයි

June 7, 2020
0
රෝහිත රාජපක්ෂ tatyana
2
SHARES
145
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

අක්කී…
රෝහිත රාජපක්ෂ එලෙස කතා කරන්නේ තම ප්‍රිය බිරිඳ වන ටට්‍යානාටයි.

තවත් බැලිය යුතු ඒවා ...

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
150

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633

ඇයි චිචී Wife ට අක්කී කියන්නේ….?
මෙන්න චිචීගේ උත්තරය….

එයා එයාගේ පවුලේ අක්කිනේ… එයාට ඔක්කොම අක්කි කියන නිසා මමත් අක්කි කියනවා…. හුඟාක් අය හිතන්නේ මම අක්කි කියද්දී එයා මට වඩා වැඩිමහල් කියලා…
චිචී… චිචී කවුද කියලා නොදන්න කෙනෙක් නැති තරමට චිචී කවුද කියලා දන්නවා… ඇයි චිචීට චිචී කියන්නේ… චිචීව නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ නොදන්නා කෙනාටත් චිචීව හඳුන්වලා දෙන්න ඉස්සර මට එහෙම අහන්න හිතුණා.
මම ඉපදුණ අලුත… ඒ කියන්නේ මම චූටියාම කාලේ අපේ අයියලා ගිහින් තියෙනවා පුංචි සාදයකට. එතකොට මගේ දෙවෙනි අයියටත් අවුරුදු දෙකක් තුනක් ඇති. මෙයා පාටියට ගිහින් පෙරේතයෙක් වගේ අම්බානකට කට්ලට් අරන් සාක්කුවේ දාගෙන. ඒක දැකපු ඇන්ටි කෙනෙක් කියලා පුතා සාක්කුවේ දාගන්න එපා. ඔයාට ඕන තරම් අරන් කන්න කියලා. එතකොට මගේ දෙවෙනි අයියා කියලා නෑ ඒවා මගේ චිච්චි මල්ලිට කියලා. චූටි මල්ලිට හරි පුංචි මල්ලිට හරි කියන එක තමා චිච්චි මල්ලි කියලා කියන්නේ…

දෙවෙනි අයියා මට දිගටම චිච්චි මල්ලි කියලා තමා කතා කරලා තියෙන්නේ. ඊටපස්සේ අනිත් අයට චිච්චි චිචී වෙලා… චූටි එකා කාලේ ඉඳන් එහෙම තමා මම චිචී වුණේ….
දවසක් මාර වැඩක් වුණානේ…

ඒ මොකක්ද?
තාත්තා මාව දවසක් තානාපති කෙනෙකුට හඳුන්වලා දුන්නා. මේ මගේ පුතා චිචී කියලා… ඇත්තටම තාත්තාට වෙලාවකට මගේ නම අමතක වෙනවා. චිචී කියලම තමා මට කියන්නේ… තාත්තා මගේ නම චිචී කියද්දී මේ තානාපතිතුමා බයවෙලා වගේ මගේ දිහයි තාත්තා දිහායි බැලුවා…. ඈ බං මොකද්ද කොල්ලට තිබ්බ නම වගේ ප්‍රශ්නයක් තමා ඒ ඇස්දෙකේ තිබුණේ… ඒ තානාපතිතුමාගේ රටේ භාෂාවෙන් චිචී කියන්නේ ගෑනුන්ගේ උඩුකයටලු….
චිචීට චිචී නිසා අන්න එහෙම ඇබැද්දිත් වෙලා තියනවලු….

තමන්ගේ පුතාට තානාපති කෙනෙකුට හඳුන්වා දෙන්න තරම් හයියක් තියෙන මේ තාත්තා කවුද? මට හිතෙන්නේ 2009 මැයි 19 දවස මතක තියෙනතාක්… ඒ කියන්නේ 35 වසරක් දෙරණ මළගමක් කළ යුද්ධය අවසන් කළ දිනය මතක තියෙනතාක් ඒ තාත්තාගේ නම ශ්‍රී ලංකාවේ ජන්මලාභය ලද ඒ ජන්ම ලාභය ලද. භූමියට ආදරය කරන කිසිම කෙනෙකුට අමතක වෙන්න විදිහක් නෑ….
ඒ තාත්තා තමා හිටපු ජනපති… වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ.

අවසන් මානුෂීය මෙහෙයුමේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරණාත්මක මාහැඟි කාර්යභාරයක් ඉටුකළ වත්මනෙහි රටෙහි වගකීම බාරගත් ජනපති ගෝඨාභය රාජපක්ෂට බාප්පා කියන පුංචි පුතු මගේ ගීතය සමඟ මෑතකාලීනව ආදරණීය ජනප්‍රසාදයක් ඇතිකරගත් මේ අලුත් තාත්තාගේ නම රෝහිත රාජපක්ෂ….

ටට්යානා හමුවෙලා දැන් කොච්චර කාලයක් ගතවුණාද?
අවුරැදු 10ක්….

tatyana and rohitha hot

ඇය හඳුනාගත්තේ කොහොමද?
මම එයාව ඉස්සරලම දැක්කේ සන්ලයිට් ඇඩ් එකේ. ගමක ගෑනු ළමයෙක් කහපාට ගවුමක් ඇඳගෙන දුවගෙන එනවා. මම ඒ ඇඩ් එක ඉස්සරලාම බලද්දී හිටියේ ජිම් එකක. මම ළඟ හිටපු සර්ට කීවා සර් බලන්නකෝ මාර ලස්සන කෙල්ලක්. ගමේ කෑල්ලක්ද කොහෙද? කොහොම හරි එයාව හොයාගන්න ඕනෑ කියලා… එහෙම කිව්වාම සර් කීවා මේ ඕවා නැතුව ඔය කරන වැඩේ කරන්න කියලා. ඊටපස්සේ අවුරුදු දෙකක් තුනක් විතර මම හෙව්වා කවුද මේ සන්ලයිට් ඇඩ් එකේ කෙල්ල කියලා. සර්ට එදා මම කීවේ සර් ගමේ වුණත් කමක් නෑ සර්… හොඳ කෙල්ලක් නම් කියලා…. බොරු කියන්න ඕනෙ නෑනේ. මම මුලින්ම කැමැති වුණේ එයාගේ පෙනුමට…. එයා ගැන අවුරුදු දෙක තුනක් හොයද්දී එයා අඳුරන යාළුවෙක් මට හම්බවුණා… ඒ යාලුවා හරහා ඔන්න අඳුනාගත්තා… අඳුනාගෙන ආශ්‍රය කළේ අපි යාළුවෝ වගේ… අවුරැදු 3ක් විතර කට්ටක් කාලා තමයි ඔන්න යන්තම් කෙල්ලව අඳුරාගත්තේ… ඒ කාලේ එයා ….. වැඩිය කතාබහ කරන්නෙත් නෑ. අවුරැද්දක් විතර යාළුවො වගේ ඉඳලා මම ඇහුවා ඔයා මට කැමතිද කියලා.

චිචී ටට්යානාට ඉස්සරෝම ආදරෙයි කියලා කීවේ කොහෙදිද කියලා අමතක වෙන්න විදිහක් නෑ.
ෆෝන් එකෙන් කීවේ… අපි හොඳ යාළුවෝ වුණාම එයා එයාගේ ප්‍රශ්න ඔක්කොම මට කියන්න පටන් ගත්තා. දවසක් එයා ඔය එක එක කතන්දර ගොඩක් කියවා කියවා හිටපු, හොඳටම තරහ ගිහින් හිටපු වෙලාවක මම හිතුවා වෙන දේ වෙච්චදෙන් මම එයාට කැමතියි කියලා කියලා දානවා කියලා… මම කීවා මම ඔයාට කැමතියි කියලා. එයා කතාකරන්න බැරුව ෂොක් වෙලා තත්ත්පර ගාණක් ඉඳලා ෆෝන් එක තිබ්බා.මම හිතුවා අනාථයි තමා කියලා. මම ඒ වෙද්දී එයා කැමති අකමැති හැමදේම ගැන හොඳ අවබෝධයකින් එයා ගැන හොඳ අධ්‍යනයකින් හිටියේ. එයා පසුව මට කැමැතියි කීවාම අපි ආදරේ කරන්න පටන් ගත්තා.

නිදහසේ ආදරය කරන්න වාතාවරණයක් තිබ්බාද?
අපිට ගෙදරින් ක්‍රීඩා කරන්න, යාළුවෝ ආශ්‍රය කරන්න, ආදරේ කරන්න හැමදේටම නිදහස දීලා තිබුණා…. මගේ ලොකු අයියා සම්පූර්ණ නිර්මාංශ. අම්මා තාත්තා නිර්මාංශ. දැන් මමත් නිර්මාංශ. අපි අරක්කු සිගරුට් බොන්නෙ නෑ… ඒ හින්දා ඇත්තටම මම පිස්සු කෙළියේ නෑ… මම කවදාවත් අම්මාගෙන් තාත්තාගෙන් කෙලින් ඇහුවේ නෑ මම ටට්යානා තෝරාගන්නද කියලා. ජාති ආගම් භේද දුප්පත් පොහොසත් භේද ආදරයේදී මගේ ගාව නෑ.

ටට්යානා ඔබට කැමතිවුණේ ඔබ මහින්ද රාජපක්ෂගේ පුතා වුණ නිසාද?
නැහැ… මම අනිත් කෙනාගේ හිත රිදුණත් ඇත්ත කියනවා. ඇත්තටම මට බොරු කියන්න අමාරුයි. මම එයා මගේ යාළුවෙක් වෙලා ඉද්දි එයාට සමාජය පෙන්වලා දුන්නා. මටත් ගැහැනු ළමයි හුඟාක් යාළුවෝ ඉන්නවා. එයාටත් වැඩිපුරම ඉන්නෙ යාළුවෝ පිරිමි ළමයි. ඒත් විශ්වාසය සහ අවබෝධය අපි අතර තිබුණා. එයා මට කැමති වුණේ ඒවාට.

ඔබ ටට්යානාට කැමති වුණේ?
මූලිකම හේතුව එයාගේ නිහතමානිකමට…. ජාති ආගම් කුල මල භේද එයා ගණන් ගන්නෙ නෑ… ගමේ ගියාම ආච්චි කෙනෙක් දැක්කත් කතා කරනවා… දේශපාලන පවුලකට සම්බන්ධ වෙන ලේලියකට ඒ ගුණය තියෙන්නම ඕන… වැරැද්දක් පෙන්වලා දුන්නම එයා බුද්ධිමත්ව එය වටහා ගන්නවා… ඒවාට තමා මම කැමති වුණේ….

කවදාවත් ඔබ ඇයට බොරුවක් කියලා නැද්ද?
හිත රිදුණත් ඇත්තම තමා කියන්නේ. එයා උයන්න හරියට උත්සාහ කරනවා. සමහර වෙලාවට උයන දේ රහ නැති වුණත් මම එයා සතුටු කරන්න බොරුවට රහයි කියනවා. කේක් නම් ඇත්තටම රහට හදනවා. එහෙම බොරුවක් තමා කීවොත් කියන්නේ.

දෙන්නගෙන් වැඩිපුර තරහ යන්නේ කාටද?
එයාට…. මුල් කාලේ මම නිසා තමයි වැඩිපුර රණ්ඩු ඇතිවුණේ. මට තරහා ගියාම එයා ෆෝන් එක තියලා මගේ තරහ නිවෙනතුරු නිශ්ශබ්දව ඉන්නවා. මම ඉතින් හරි මං වැරදියි කියලා වැරැද්ද එයාගේ වුණත් මමම වැරැද්ද බාරගෙන එයා එක්ක යාළුවෙනවා. දැන් බබා බලාගෙන මහන්සියි කියද්දි මම තරහ නිවෙන්න කෝපි එහෙම හදලා දෙනවා. මම හොඳ කෝකියා. මම රහට උයලා ටට්යානාට කන්නත් දෙනවා.

අපි බඳිමු කියලා එයාට කීවේ කොහේදීද?
අපි ක්‍රීඩාවලට, ඇවිදින්න යන්න හරි ආසයි නේ…. කන්දක් මුදුනකදිම තමා එයාට ඒ ප්‍රපෝසල් එක ගෙනාවේ.

නිර්වාන් කවද්ද ඔය දෙන්න අතරට ආවේ…?
2019 ඔක්තෝබර් 30… ටට්යානා බයේ හිටියේ හැවොලින් දවසේ පුතා ඉපදෙයිද කියලා. හැවොලින් ඩේ එක ඔක්තෝබර් 31…. ඔක්තෝබර් 30 නිර්වාන් ඉපදුණා…

ඉපදෙන්න ඉන්නෙ කොලු පැටියෙක් කියලා දැනගත්තෙ කොයි කාලෙදිද?
ප්‍රොපෙසර් හේමන්ත දොඩම්පහල මාස 3 ½දී කීවා කොල්ලෙක් තමා කියලා… ටට්යානා නම් ඒක දැනගන්න ආසා වුණෙත් නැහැ… මාස 6දී ප්‍රොපෙසර් ඒක ෂුවර් කරලම කීවා. කොහොමත් අපේ පවුලට ඉන්නෙම, එන්නෙම කොල්ලො තමා… එයා ඉපදෙන්න ඉස්සර මම එයාට නිර්වාන් කියන නම තියන්න හිටියේ… නිර්වාන් රේන් ඒ තමා එයාගේ නම…. ඉපදුණ වෙලාව අනුව දුන්නු අකුරැවලත් ඒ අකුර තිබුණා… මම බෞද්ධ දර්ශනයට හුඟාක් කැමතියි. ඒ පොත්පත් හුඟාක් කියවනවා… ඒ දර්ශනය අනුව තමා නිර්වාන් කියන නමට කැමති වුණේ.

රෝහිත ටට්යානා

පුංචි පුතා කවදා හරි දේශපාලනයට ආවොත් ඒ නම ගැලපෙනවද?
ඒ නම දේශපාලනයට ගැලපෙන්නෙ නෑ… එයා දේශපාලනයට එයි කියලා හිතලා මම නම තිබ්බෙත් නෑ… එයාගේ කැමැත්ත කොහොම වෙයිද දන්නෙ නෑ. මම නම් දේශපාලනයට කැමති නෑ… අපි පුංචි කාලේ ඉඳන් තාත්තා ගෙදර නෑ… දේශපාලන වැඩ…. මගේ දරුවන් ඒ අත්දැකීම විඳිනවට මට කැමති නෑ…. අයියට අයියාගේ බිරිඳත් එක්ක ගෙවන්න තියන කාලය හරි අඩුයි. මගේ ජීවිතය එහෙම වෙනවට මම කැමති නෑ…

ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්නේ කොහොමද?
මම මගේම ව්‍යාපාරයක් කරනවා. ටට්යානාත් ඒකට උදව් කරනවා. කාබනික පොල්, පළතුරැ, එළවළු ටින් කරලා ඇමෙරිකාවට යුරෝපයට මාලදිවයිනට වගේ රටවලට යවන එක තමා මගේ ව්‍යාපාරය. ලංකාවේ මොනවා කළත් ඒක දේශපාලනීකරණය කරනවා. මම ඒකට කැමති නෑ. ඒකයි පිටරටත් එක්ක ව්‍යාපාර කරන්නේ.

අධ්‍යාපන කටයුතු දැන් ඉවරද?
මම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා… ටට්යානා මාස්ටර්ස් කළා… ඒ දේවල් දැන් සම්පූර්ණයි….

ආයෙත් ගුරුවරයෙක් වෙන්න අදහසක් නැද්ද?
කොළඹ ගංගාරාමයේ ආචාර්ය කිරින්දේ අස්සජී හාමුදුරුවෝ තාම කතා කරනවා දහම් පාසලේ උගන්වන්න එන්න කියලා. ඒත් දැන් වෙලාවක් නැහැ. මමයි ලොකු අයියයි දෙන්නම ගංගාරම දහම් පාසලේ ඉගැන්නුවා.

සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගන්නත් ගංගාරාමයට ඔබ ගියා නේද?
සිංහල, පාලි, සංස්කෘත ඔක්කොම ඉගෙන ගත්තේ ගංගාරාමයේ අස්සජී හාමුදුරුවන්ගෙන්…. අපි තුන්දෙනාටම සිංහල, පාලි, සංස්කෘත හොඳට පුළුවන්. ටට්යානා කතෝලික වුණත් එයත් ගංගාරාමයට හුඟාක් කැමතියි. පන්සල ළඟින් ගියත් අපි අස්සජී හාමුදුරැවෝ බලන්න යමුද අහනවා. පොඩි හාමුදුරුවෝ එක්කත් ලොකු බැඳීමක් අපිට තියෙනවා. ඒත් අස්සජී හාමුදුරුවන් එක්ක මට තියෙන බැඳීම වෙනමම එකක්… මට ඕනෑම කාරණාවක් විවෘතව කතා කරන්න පුළුවන් අස්සජී හාමුදුරුවෝ එක්ක. උන්වහන්සේට හුඟාක් විවෘත අවබෝධාත්මක මනසක් තිබෙන්නේ.

නිර්වාන් පුතු හැදෙන්නේ බෞද්ධ දර්ශනය අනුවද…. නැත්නම් කතෝලික ධර්මය අනුවද?
බෞද්ධ දර්ශනය අනුව එයාගේ ජීවිතේ ගොඩනැගෙයි. බබාට මස් මාංශ දෙන්නෙත් නෑ…. එයත් දැන්ම නිර්මාංශ. එක දවසක් හාල්මැස්සො තම්බපු වතුරින් සුප් එකක් දීලා ඒක ඇලජික් වුණා. එදා ඉඳන් නිර්මාංශ. හැබැයි එයා කතෝලික හින්දු මේ හැම ධර්මයක් ගැනම ඉගෙන ගනියි. අම්මා කතෝලික නිසා මම හැදුනෙත් එහෙම…

ජ්‍යොතිෂය විශ්වාස කරනවද?
ලොකු විශ්වාසයක් නෑ….

ඇයි එහෙනම් පුතාට කේන්දරයක් හැදුවේ…?
සම්ප්‍රදාය අනුව… කේන්දරේ හැදුවට ඒක තියෙන්නෙත් හදපු හාමුදුරුවෝ ළඟමයි.

කවුද හාමුදුරුවෝ…?
ඕමල්පේ සෝභිත හිමි.

කේන්දරය බලලා කීව විශේෂ දෙයක් තියෙනවද?
ම්… ම්…. එහෙමමත් නෑ… කේන්දරේ වැඩිය කාටවත් පෙන්වන්න එපා කීවා….

තාත්තා කෙනෙක් වෙච්ච දවසේ මොකද හිතුණේ…?
ඒක වෙනස්ම හැඟීමක්… වගකීම් සහගත ආදරයක් පපුවට දැනුණා….

වැඩිපුරම ආදරේ පුතාටද? බිරිඳටද?
මුලින්ම හමුවුණේ ටට්යානා…. එදා ආදරවන්තිය අද බිරිඳ…. මුල්ම ආදරේ ඇයටයි.

පුතාගේ සීයායි පුතායි අතර තියෙන්නේ කොහොම බැඳීමක්ද?
අපි බැඳපු දවසේ ඉඳන් තාත්තා හැමදාම හින්ට් ගහනවා කවද්ද දැන් මම සීයා කෙනෙක් වෙන්නේ කියලා. පුතාව ඉපදුන ගමන් වඩා ගත්තෙත් තාත්තා… හැමදාම බබාව තාත්තාට බලන්න විජේරාම ගෙදරට අරන් යනවා… සීයාව දැක්කෙ නැත්නම් බබා අඬනවා… නිදා ගන්නෙත් නෑ… තාත්තාටත් එයා නොබලා ඉන්න බෑ. ඇත්තටම තාත්තා කාගෙ වුණත් දරැවන්ට ආදරෙයි…. වෙලාවකට සීයයි මුණපුරයි ෂර්ට් නැතිව නිදාගන්නවා…. තාත්තගේ ඇඟපුරා මගේ කොලුපැටියා නගිනවා.

මොකද්ද මේ චිචීට තියෙන බලු පිස්සුව….?
ආ… බල්ලෝ පහක් හයක් මට ඉන්නවා… පැටවු ආදරෙන් හදාගන්න අයට දෙනවා… මම උන්ව හොඳට පුහුණු කරනවා…. මගේ බල්ලන්ට වෙනම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් කරනවා… බල්ලා කතාකරන විදිහට බලු පේජ් එකේ මම කතා කරනවා… ගෙදර ගැන දේශපාලනය ගැන ලෝකය ගැන මට කියාගන්න ඕනෑ ඔක්කොම බල්ලගේ පිටින් දාලා කියලා දානවා…. 12,000ක් විතර මගේ බලු පේජ් එකේ ඉන්නවා.

පුතා වෙනුවෙන් කළ මියුසික් වීඩියෝ නිසා චිචීට රටේ මිනිස්සුන්ගෙන් බැණුම් අහන්නත් වුණා නේද?
අතිශය සුළුතරයකගෙන් බැණුම් ඇහුවා….

ඔබගේ ඉල්ලීමක් අනුවද එයා ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කළේ….?
නැහැ… මම එය රූපවාහිනියේ ප්‍රචාරය වනතුරු දන්නේ නැහැ… රූපවාහිනියෙ ප්ලේ වුණ බව දැනගත්තම මම කිව්වා මගෙන් ඉල්ලුව නම් ඔර්ජිනල් කොපියක් දෙනවා ඇයි ඩවුන්ලොඩ් ගත්තේ කියලා….

punchi puthu mage rohitha rajapaksa rupavahini

[VIDEO] ජාතික රූපවහිනියේ විකාශය වූ රෝහිත රාජපක්ෂගේ පුතුගේ සම්පූර්ණ වීඩියෝව

May 16, 2020
0
124

ජාතික මාධ්‍යයකින් මෙවැනි වීඩියෝවක් ප්‍රචාරය කිරීම වැරදියි කියන පිරිසට ඔබ දෙන උත්තරය මොකක්ද?
දේශපාලන ව්‍යුහයක් තුළ බැලුවොත් අපි කරන සියල්ල වැරදියි…. රාජ්‍ය මාධ්‍ය වෙච්ච පලියට ට්‍රෙන්ඩින් වැඩිනම් ඕඩියන්ස් එක ඉල්ලන දේ දීමේ වැරැද්දක් නෑ…. එහෙම නම් රැජනගේ මංගල්‍යය ජාතික රූපවාහිනියෙන් පෙන්වපු එකත් වැරදියි… ගීතය රස නොවිඳ ඒ පුද්ගලයා දිහා බලන්නේ ඇයි? එහෙම නම් මට විතරක් බණින්නේ ඇයි? මේ වගේ තවත් පවුල් වීඩියෝ රූපවාහිනියේ ප්‍රචාරය වුණානේ… මම හරහා මගේ තාත්තාට බාප්පාට අයියට මඩ ගහන එක වැරදියි… මම විශ්වාස කරනවා මේ රටේ වැඩි පිරිස මේ ගීතය දිහා ඊර්ෂ්‍යාවෙන් කුහකකමින් බලන එකක් නැතිවෙයි කියලා….

කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ…?
ජීවිතේ හැම වැදගත් දෙයක්ම මම වීඩියෝ කරගන්නවා… ඒ මතක තමා මේ… අර බබාට රෝස මල් පෙති දාන්නේ වැලන්ටයින් දවසේ…. ලස්සනට ගීතය ලීවේ මාලිනී ලියනගේ. සංගීතය රදීෂ් වැන්දබෝනා… වීඩියෝ එක මන්ජිත්ගේ…මුලදී මේ වීඩියෝ එක බලලා තාත්තා ඇහුවා ඇයි යූ ටියුබ් දාන්නෙ නැත්තෙ කියලා.. මම කීවා ඇස්වහ කටහව වදී… බබා ටිකක් ලොකු වෙච්ච දෙන් කියලා…

වීඩියෝ එක බලද්දී පුතාගේ ප්‍රතිචාර කොහොමද?
අල්ලන්න හදනවා අත දික් කරනවා… ඒකේ ඉන්නේ එයාගේ අම්මා තාත්තා සීයා එයාගේ ඇහැට පුරුදු චරිතනේ. එයාට දැනෙනවා ඇති නේද එයා ළඟ ඉන්න අය නේද මේ කියලා…

-deshaya

Related Posts

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
0
150

...

Read more

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633
victor-rathnayake

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
379
ranjan-piumi-wedding

Ranjan Ramanayake + Piumi Hansamali Photo Shoot

December 22, 2020
163
gayathri-dias

දරුවෝ දෙන්නෙක් ඉඳලා ලස්සනට ඉන්න එකත් සමහරුන්ට ප‍්‍රශ්නයක් – ගයත්‍රී ඩයස්

December 22, 2020
77
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
977

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
375

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
58

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

18 Plus

කොරෝනා පරදන්න නිවසේ රැඳෙන ඔබව දිරිමත් කරන්න Porn Hub Premium ලෝකෙටම නොමිලේ දීලා

March 26, 2020
0
265

Read more
lesbian-police-constable
18 Plus

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
107
teacher sex
18 Plus

45 ගුරුවරිය පුතාගෙ වයසෙ ළමයෙකුට ලිංගික අතවර කරලා

October 9, 2019
134
18 Plus

? හිරුණිකා + රංජන් 3 වෙනි හඬපටය මෙන්න ; අසභ්‍ය කතා කෝටියයි ??‍♀️?‍♂️?

January 18, 2020
49
woman-porn-sinhala
18 Plus

ස්මාර්ට් ෆෝන් වලින් පිරිමින්ටත් වඩා අසභ්‍ය දේ බලන්නෙ කෙල්ලො – PornHub වෙබ් අඩවිය කියයි

April 11, 2017
153
sex ed sinhala
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 8

April 7, 2020
165
Russian nurse coronavirus
18 Plus

රස්නෙ වැඩියි කියා යට ඇඳුමින් කොරෝනා සේවයේ යෙදුනු හෙදිය [Photos]

May 23, 2020
102
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • නවම්-පොහොය

    නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
150
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
379
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
72

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

drone sinhala

ඩ්‍රෝන් කැමරා ගැන ඔබ දත යුතු සියල්ල මෙන්න | ලංකාවේ Youtubers ලා විස්තර කෙරූ හැටි

August 11, 2017
42
corona vehicle

කොරෝනා සමයේ ඔබේ වාහනය ලෙඩ නොවී තබාගන්න හැටි මෙන්න

May 3, 2020
23
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist